දළුපොත සිරකදවුරේ තරුණ ශ්‍රමයට වටිනාකමක් දිනකට රුපියල් 800 බැගින් බැංකු පොතට

-

බන්ධනාගාර ගතව සිටින 26000 ක් පමණ වන රැදවියන්ගේ ශ්‍රමයෙන් ප්‍රයෝජනයක් ගැනීම සදහා කෙටිකාලින පුහුණුවකින් පසු වෘත්තීයක යොදවා උපයන ආදායම ඔවුන්ගේ නමින් බැංකු ගිනුමක තැනපත් කරනබව බන්ධනාගාර කොමසරිස් ජෙනරාල් ටි එම ජේ ඩබ්ලිව් තෙන්නකෝන් මහතා පවසයි.

කොමසාරිස් ජෙනරාල් වරයා මෙම අදහස් පලකලේ මිගමුව දළුපොත පිහිටි තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ පෞද්ගලික සමාගමක් සමග එක්ව ආරම්භකල  විදුලි බුබුළු හෝල්ඩර්   එකල්ස්කිරීමේ ඒකකය විවෘතකිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම විශෝධන මධ්‍යස්ථානයේ සිටින්නේ වයස 30 ට අඩු රටේ තරුණ ශ්‍රමබලකායේ පිරිසක් බවත් ඔවුන්ගේ ශ්‍රමයෙන් ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබාදෙමින්    නිදහස්ව ගොස් ස්වයං රැකියාවක් ආරම්භ කිරීම සදහා ඔවුන්ට ප්‍රාග්ධනයක් එක්තුකරදීම මෙම වැඩ පිළිවෙලේ එක් අරමුණක් බවද   තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම ඒකය සදහා පලමුකණ්ඩායම ලෙස 50 දෙනෙකු තෝරාගෙන ඇති අතර කෙටි පුහුණුවකින් පසු එක අයෙකුට දිනකට රුපියල් 600 ත් 800 ත් අතර අදායමක් ලැබෙන හෝල්ඩර් ප්‍රමාණයක්  එකලස් කලහැකිබව  මයික්‍රෝ ඉන්ටර නැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂක ධම්මික සමරවික්‍රම මහතා පැවසිය.

කොළබ ව්‍යාපාරික සංගමයේ ලේකම් චමින්ද විදානගමගේ මහතා සහ විශෝධන මධ්‍යස්ථානයේ අධිකාරී ජීවක ප්‍රනාන්දු මහතා  මෙහිදී අදහස් පළකළේය.

රැදවියන් විසින් එකලස්කළ හෝල්ඩර් බන්ධනාගාර කොමසරිස් ජෙනරාල් ටි එම ජේ ඩබ්ලිව් තෙන්නකෝන් මහතා ඇතුළු ආරාධිතයන් විසින්  පරීක්ෂා කල අවස්ථාව

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here