සාමණේර ස්වාමින්වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහක් 16 දෙවුරම් වෙහෙරේදී

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන නවක සාමණේර ස්වාමින්වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහනේ 08 වන අදියර  2020 පෙබරවාරි මස 16 වන දින සිට 23 වන දින දක්වා පන්නිපිටිය දෙව්රම් මහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

සමාරම්භක උත්සවය පෙබරවාරි 16 වන දින පෙරවරු 9.00 ට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර සිරිසුමන පාර්ශ්වයේ මහා නායක ත්‍රිපිටක විභූෂණ විද්‍යා විශාරද ආචාර්ය අතිපූජ්‍ය කොළොන්නාවේ සිරි සුමංගල මහානායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආරම්භවේ.

නවක සාමණේර ස්වාමින්වහන්සේලාගේ ආකල්ප සංවර්ධන කිරීම සඳහා පැවැත්වෙන මෙහි සම්පත් දායකත්වය අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකය මඟින් සිදුකරනු ලබයි. දින 09ක් පුරා මාතලේ දිස්ත්‍රික්කය ආවරණය කරමින් නවක සාම‍ණේර ස්වාමින්වහන්සේලා සිය නමක් මේ යටතේ පුහුණු කරනු ලැබේ.

සිවුරු හා පාත්‍ර භාවිතය සහ බුද්ධ වන්දනා හා වත් පිළිවෙත් පිළිබද මුලික දැනුම ලබාදීම, භාවනාව පිළිබඳ හැඳින්වීම සහ ප්‍රායෝගික පුහුණුව ලබාදීම, සූත්‍ර ධර්ම අධ්‍යයනය, ධම්ම පදය පිළිබද මූලික අවබෝධය සහ ප්‍රායෝගික පුහුණුව ලබාදීම, පිණ්ඩපාතය පිළිබද ප්‍රායෝගික පුහුණුව ලබාදීම සහ කවි, ගාථා ගායනා පුහුණුව ලබාදීම යනාදිය මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ.

2020.02.23 දින පෙරවරු 9.00 ට සමාප්ති උලෙළ පැවිදි ගිහි සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

Hot this week

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

Topics

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img