රටවල් 48 කට ලබා දුන් වීසා නිදහස දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය.

පාස්කු ප්‍රහාරයෙන් පසුව රටවල් 48 කට ලබා දී තිබූ නිදහස් වීසා කාලය තවත් මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ ඒ අනුව මෙම නිදහස් වීසා කාලය 2020 පෙබරවාරි 01 වෙනි දා සිට 2020 අප්‍රේල් 30 වන දින දක්වා දීර්ඝ කළ බවයි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉතා අවම මට්ටමක පැවතීම නිසා මෙම නිදහස් වීසා ලබා දීම සිදු කෙරුණේ  2019 අගෝස්තු 01 වැනි දා සිට මාස 06 ක කාලයක් සදහාය. ඒ අනුව එම කාලය 2020 ජනවාරි 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි. මෙලෙස නිදහස් වීසා දීර්ඝ කෙරුණේ ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, ඉතාලිය, ජපානය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය ඇතුළත් රටවල් 48 කටය.

නිදහස් වීසා වැඩසටහන ක්‍රියාක්මක වූ කාලය තුළ මෙම රටවල් 48 න් මෙරටට පැමිණි සංචාරකයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. මේ නිසා සංචාරක ක්ෂේත්‍රයේ තත්ත්වය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වීම සහතික කිරීම සදහා මෙම පියවර ගත් බවද හෙතෙම පෙන්වා දෙයි.

ප්‍රදීප් අනුරකුමාර

Hot this week

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

Topics

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img