මීගමුව මහ නගර බල සීමාවේ ඉඩම් ඔප්පු ලබාදීමේ මුලික සාකච්ජාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ලංකාව පුරා ක්‍රියත්මක වන පවුල් දස ලක්ෂයකට ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහන යටතේ මීගමුව මහ නගර බල සීමාවේ නීත්‍යානුකූල ඉඩම් ඔප්පු අහිමි පවුල් සදහා ඉඩම් ඔප්පු ලබා දීම සදහා වන ගැටළු හදුනාගැනීමේ මූලික සාකච්ජාවක් අද (14) දින ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව පාතිමාවත්ත ප්‍රජා ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී 18 කුරුදුවත්ත, 19 ජනපද මාවත, 20 පාතිමාවත්ත ගම්මාන වල නිත්‍යානූකූල ඉඩම් ඔප්පු ලබා ගැනීමට අදාළව පවතින ගැටළු දීර්ඝ වශයෙන් සාකච්ජා කරනු ලැබීය.

හදුනාගත් ගැටළු අදාළ අංශ වලට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් නීත්‍යානුකූල ඉඩම් අයිතිය ලබා දීමේ රජයේ නිවරදි ක්‍රමවේදය අනුගමනය කරමින් ඉදිරි කාල සීමාව තුළ මෙම ගැටළුව විසදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙහිදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා පවසා සිටියේ මීගමුව මහ නගර සීමාවේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් මෙම ප්‍රදේශයේ මාර්ග පද්ධති ගංවතුරෙන් යටවීම වැලැක්වීම සදහා ඇළ මාර්ග ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 300 ක මුදලක් මේ වන විට වෙන් කර ඇති බවයි.

යටිතල පහසුකම් සංවර්ධනය යටතේ මාර්ග, පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, විදුලිය, සේවා පියස ඇතුළු අනෙකුත් පොදු පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට මීගමුව හිටපු නගරාධිපති ඇන්ටනී ජයවීර මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ

ප්‍රසාද් බටුගහගේ

Hot this week

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

Topics

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...

මීගමුවේ සිසිල් බිම දන්සල් වලට තහංචියක් …………….

පවත්නා අයහපත් කාලගුණ තත්වය සහ මොලේ උන රෝගය (...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img