පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 25වැනිදා

පාර්ලිමේන්තුව ලබන මාසයේ 2වැනිදා විසුරුවා හැරීමට රජයේ අවධානය යොමුවී ඇති අතර, ඒ අනුව මහමැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන මාසයේ 11 වැනිදා සිට 17 වැනිදා දක්වා කාලය තුළ සිදුකිරීමට ඉඩ ඇතැයිද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.

මහමැතිවරණයෙන් පසුව නව පාර්ලිමේන්තුව රැස්වන දිනය මැයි 12 වැනිදා වීමට බොහෝදුරට ඉඩ ඇති බවද ආරංචි මාර්ගවලින් පැවැසේ.

පාර්ලිමේන්තුව ලබන මාසයේ 2වැනිදා විසුරුවා හැරියහොත් ඡන්දය පැවැත්වීමට හැකි දින සහ නාමයෝජනා දින ආදිය විමසමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉකුත් දා ලිපියක් යවා තිබේ.

නියමිත දිනට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවහොත්, නාමයෝජනා කැඳවීමේ දින වකවානු, ඡන්දය පැවැත්වෙන දිනය හා පාර්ලිමේන්තුව කැඳවන දිනය ආදිය අදාළ විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ඇතුළත් කළ යුතුව ඇති බැවින්, ජනාධිපති ලේකම්වරයා ඒ ගැන විමසමින් මෙම ලිපිය මැතිවරණ කොමිෂන් සභාව වෙත යවා ඇතැයි වාර්තා වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින්, ජනාධිපති ලේකම්වරයාගේ ලිපියට පිළිතුරු සහ දිවයිනට පැමිණි පසුව යවනු ඇති බවද ආරංචි මාර්ග කියයි.

මේ අතර, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලවකවානු සම්බන්ධයෙන් නීතිමය තත්වය ජනාධිපති ලේකම්වරයා විසින් ඉකුත් දා නීතිපතිවරයාගෙන් විමසා තිබූ අතර, 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට ලබන මාසයේ 1 වැනිදායින් පසුව ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව නීතිපතිවරයා දැනුම් දී ඇතැයි වාර්තා වේ.

නීතිපතිවරණයේ මත විමසීමෙන් අනතුරුව ජනාධිපති ලේකම්වරයා ඒ පිළිබඳ ඉදිරි කටයුතු කරන ආකාරය මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසා ඇති බව දැනගන්නට තිබිණි

Hot this week

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

Topics

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img