පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 25වැනිදා

පාර්ලිමේන්තුව ලබන මාසයේ 2වැනිදා විසුරුවා හැරීමට රජයේ අවධානය යොමුවී ඇති අතර, ඒ අනුව මහමැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන මාසයේ 11 වැනිදා සිට 17 වැනිදා දක්වා කාලය තුළ සිදුකිරීමට ඉඩ ඇතැයිද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.

මහමැතිවරණයෙන් පසුව නව පාර්ලිමේන්තුව රැස්වන දිනය මැයි 12 වැනිදා වීමට බොහෝදුරට ඉඩ ඇති බවද ආරංචි මාර්ගවලින් පැවැසේ.

පාර්ලිමේන්තුව ලබන මාසයේ 2වැනිදා විසුරුවා හැරියහොත් ඡන්දය පැවැත්වීමට හැකි දින සහ නාමයෝජනා දින ආදිය විමසමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉකුත් දා ලිපියක් යවා තිබේ.

නියමිත දිනට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවහොත්, නාමයෝජනා කැඳවීමේ දින වකවානු, ඡන්දය පැවැත්වෙන දිනය හා පාර්ලිමේන්තුව කැඳවන දිනය ආදිය අදාළ විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ඇතුළත් කළ යුතුව ඇති බැවින්, ජනාධිපති ලේකම්වරයා ඒ ගැන විමසමින් මෙම ලිපිය මැතිවරණ කොමිෂන් සභාව වෙත යවා ඇතැයි වාර්තා වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින්, ජනාධිපති ලේකම්වරයාගේ ලිපියට පිළිතුරු සහ දිවයිනට පැමිණි පසුව යවනු ඇති බවද ආරංචි මාර්ග කියයි.

මේ අතර, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලවකවානු සම්බන්ධයෙන් නීතිමය තත්වය ජනාධිපති ලේකම්වරයා විසින් ඉකුත් දා නීතිපතිවරයාගෙන් විමසා තිබූ අතර, 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට ලබන මාසයේ 1 වැනිදායින් පසුව ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව නීතිපතිවරයා දැනුම් දී ඇතැයි වාර්තා වේ.

නීතිපතිවරණයේ මත විමසීමෙන් අනතුරුව ජනාධිපති ලේකම්වරයා ඒ පිළිබඳ ඉදිරි කටයුතු කරන ආකාරය මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසා ඇති බව දැනගන්නට තිබිණි

Hot this week

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img