32 C
Negombo
32 C
Negombo

කොරෝනා ආසාදනය වූ තවත් රෝගියෙක්  IDH රෝහලේ 

-

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු හදුනාගෙන තිබේ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ වෛරසය ආසාදනය වූ බවට ඊයේ(11) දිනයේ හදුනාගත් පුද්ගලයා සමඟ නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.

44 හැවිරිදි එම පුද්ගලයා මේ වන විට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන බව අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.

මොහු මෙරටින් හඳුනාගත් තුන්වන කොරෝනා වෛරස ආසාදිතයා වන අතර මෙරටදී වෛරසය ආසාදනය වූ දෙවන ශ්‍රී ලාංකිකයායි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.