Sponsored
Covid-19 හෙවත් කොරෝනා වයිරසය වියාප්තිය ශීග්‍රයෙන් ව්‍යාප්තිය වැලැක්වීම සදහා හෙට දින (16) රජයේ හා බැංකු නිවාඩුවක් ලෙස ප්‍රකාශ කිරීමට අමතරව වෙළද නිවාඩු දිනයක් ලෙසද ප්‍රකාශ කිරීමට රජය ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් නැති බව රජයේ ප්‍රවුත්ති දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. නමුත් අත්‍යාවශ්‍ය සේවාවන් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන ලෙසත් සිල්ලර හා තුග වෙළදසැල් විවුර්තව තබන ලෙසත් රජය දන්වා සිටී.
එලෙස රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කලද, මෙම වසංගත තත්වයක් සැලකිල්ලට ගනිමින් රෝහල් කටයුතු අඛණ්ඩව පවත්වාගැනීම සදහා සෞඛ්‍ය සේවයට අයත් සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස පවත්වාගෙන යා යුතු බවත් සෞඛ්‍ය සේවාවන් සදහා හෙට දින (16) නිවාඩු දිනයක් නොවන බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය දැන්වා සිටී.
එමෙන්ම හෙට දින ( 16 ) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම  හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හෙට දින පැවැත්වීමට නියමිතව තිබූ රියදුරු බලපත්‍ර විභාගයේ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වෙන බව ප්‍රකාශයට පත්කර ඇත. මෙම දිනයේදී පරීක්ෂණ වලට පෙනීසිටීමට සිටි අපේක්ෂකයන් හට ඉදිරියේදී මුදල් අයකිරීමකින් තොරව වෙනත් දිනයක් ලබාදීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දන්වා සිටී..

යාලුවන්ටත් දැනගන්න share කරන්න..

Sponsored

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.