මීට සුළු වේලවකට පෙර තවත්  ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් 7දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ  වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.
මෙම රෝගීන් 7 දෙනාම පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් සියළු දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මද්‍යස්ථානයට යොමු කල අය වේ.මෙම රෝගීන් සියලුදෙනා පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබති. ඒ අනුව මේ වනවිට තහවුරු කරගෙන ඇති මුළු ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 18ක් වේ.
එමෙන්ම, නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමග සෞඛ්‍ය අධිකාරියේ උපදෙස් පරිදි මාර්තු 16 (හෙට) මධ්‍යම රාත්‍රී 12 සිට සති දෙකක කාලයක් දක්වා  එක්සත් රාජධානිය, බෙල්ජියමය හා නෝවේ රාජ්‍යය යන රටවල් වල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් වාර තහනම් කිරීමට පියවර ගෙන අති බවට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කර සිටී.. මෙමෙ තහනම  2020 මාර්තු මස 30 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 වනතෙක් ක්‍රියාත්මකයි.
එක්සත් රාජධානිය, බෙල්ජියමය හා නෝවේ රාජ්‍යය යන රටවල් වල සිට මෙරටට පැමිණෙන අයවලුන්ගේ  නිරෝධායනය වැඩපිළිවෙල පහතින් දැක්වේ.
  • 2020 මාර්තු 15 ( අද ) – මේ මොහොතේ සිට මධ්‍යම රාත්‍රී  11.59  දක්වා  : නිරෝධායනයක් නොමැත.
  • 2020 මාර්තු 16 ( හෙට ) – අලුයම 12.00 සිට මධ්‍යම රාත්‍රී 11.59  දක්වා : නිරෝධායන කඳවුරු කරා යොමු කෙරේ..
  • 2020 මාර්තු 16 රාත්‍රී 12 සිට 2020 මාර්තු 30 මධ්‍යම රාත්‍රී 12 දක්වා ගුවන් වාර අවලංගුයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here