අද(20) පස්වරු 6.00 සිට මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට ගත් තීරණයත් සමඟ සියලු දුම්රිය සේවාවන් අද පස්වරු 3.30 සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති කාලය තුළ සාමාන්‍ය දුම්රිය කාලසටහන ක්‍රියාත්මක නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
අද දිනයේ අවසන් දුම්රිය පස්වරු 3.30 ට කොළඹ කොටුවේ සිට මහව දක්වා ධාවනයවේ.