Sunday, May 24, 2026
27 C
Negombo

කොරෝනා පරදවන්න -මේ උපදෙස් පිළිපදින්න

කොරෝනා හෙවත් COVID 19 වෛරසයරට තුළ ව්‍යාප්තවීම නතර කර ජන ජිවිතය සුරක්ෂිත කිරීම සඳහා  හඳුන්වාදී ඇති ක්‍රියාමාර්ග සහ පිළිවෙත් සමඟ මුළුමනින් අනුගත වන්නැයි රජය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටී. 

මේ බරපතල සෞඛ්‍ය ගැටළුව ජය ගැනීමට ඇති ප්‍රධාන මග වෛරසයට ගොදුරුවීම වළක්වා ගැනීම හෙවත් නිවාරණයයි.

කාර්යාල, කඩ සාප්පු, බස්රිය, දුම්රියපොළ වැනි පොදු ස්ථානවල ගැවසෙන විට සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම එනම් එකිනෙකාට මීටරයක් තරම් දුරින් සිටීම ඒ සඳහා ඇති වඩාත් ඵලදායී ක්‍රමයක් ලෙස හඳුනාගෙන තිබේ.

එසේම වෛද්‍ය විශේෂඥයන් විසින් නිර්දේශිත සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතුය.

වෛරසය ව්‍යාප්තවීම වළක්වනු පිණිස රජය ඉකුත් දින කිහිපය තුළ නිශ්චිත පියවර රැසක් හඳුන්වා දුන්නේය.

පසුගිය සිකුරාදා සවස 6.00 සිට හෙට, 23 සඳුදා උදේ 6.00 දක්වා රට පුරා ඇඳිරි නීතිය පැනවීම ඉන් ප්‍රධාන තැනක් ගනී.

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලත්, මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරේ දිස්ත්‍රික්ක 05 තුළත් දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24, අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර ඇත. සෙසු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය හෙට උදේ 6.00ට ඉවත් කොට එදිනම දහවල් 2.00ට යළි පනවනු ලැබේ.

හෙට උදේ ඇඳිරි නීතිය ඉවත් කෙරෙන දිස්ත්‍රික්කවල ජනයා විශාල පිරිසක් එදිනෙදා අවශ්‍යතා මිලට ගැනීම සඳහා වෙළෙඳ සැල් වෙත එනු ඇතැයි අපේක්ෂා කෙරේ.

භාණ්ඩ මිලදී ගැනීම අවශ්‍ය වුවද වෛරසයට ගොදුරුවීම වළක්වා ගැනීම පිණිස සෞඛ්‍ය බලධාරින් දී ඇති උපදෙස් අකුරටම පිළිපදින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. වෙළෙඳ සැල්වලට පිවිසීමේදීත් වෙළෙඳ සැල් ඇතුළතදීත් එකිනෙකා අතර මීටරයක දුර පවත්වාගත යුතුය.

කැස්ස හෝ කිවිසුම් ඇති වූ විට උපදෙස් පරිදි මුව ආවරණය කර ගන්නා ලෙස ඔවුනට අවවාද කෙරේ. බස්රියෙන්, දුම්රියෙන් සහ ත්‍රිරෝද රියෙන් ගමන් කිරීමේදීත් දුරස්ථභාවය ආරක්ෂා කළ යුතුය. ඉන්ධන සහ ගෑස් මිලදී ගැනීමට පැමිණිවි ට ද මේ පිළිවෙත අනුගමනය කරන ලෙස සිහිපත් කරනු ලැබේ.

භාණ්ඩ මිලට ගැනීමට එන විට එක් පවුලකින් එක් අයෙකු පමණක් පැමිණීමෙන් ඒකරාශිවන පිරිස අඩු කර ගැනීමට පිළිවෙන. එය සමාජ දුස්ථභාවය පවත්වා ගැනීමට උපකාරී වෙයි.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ ප්‍රමාණවත් තරම් ගබඩා කර ඇත. ඒවා හිඟයකින් තොරව රට පුරා බෙදා හැරීමට විධිවිධාන සලසා තිබේ. එබැවින් අනවශ්‍ය කලබලයකින් භාණ්ඩ රැස් කර තබා ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි රජය පෙන්වා දෙයි. ඇඳිරි නීතිය සමය  තුළ පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ පමණක් මිලදී ගැනීම සෙනග අතර ගැවසෙන කාලය අඩුකර ගැනීමට උපකාරීවනු ඇත.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ නිවෙස්වල රැඳී සිටිමින් ගෘහ කාර්යයන්හි නිරත වන්නැයි කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය ජනතාවට සිහිපත් කරයි. කොරෝනා වෛරසය ජාතීන්, දේශපාලන සහ ආර්ථික ක්‍රම, සංස්කෘතීන් සහ ධනවත් හෝ දිළිඳු බව පිළිබද විභේදනයක් නැතිව දේශ සීමා හරහා පැතිර යමින් පවතී. දැනට රටවල් 180ක් පමණ එක් එක් ප්‍රමාණයෙන් ඊට ගොදුරු වී ඇත.

වෛරසය මර්දන ක්‍රියාමාර්ග සහ පිළිවෙත් කල්තබා හඳුනාගෙන දැඩිව අනුගමනය කළ රටවල් ගැටළුව පාලනය කිරීමට සමත් වී සිටී. කොරෝනා වෛරසය ප්‍රථමයෙන් හටගත් චීනය ඊට නිදසුනකි. නිසි පිළිවෙත් අනුගමනය නොකිරීම නිසා ධනවත් රාජ්‍යයක් වන ඉතාලියට එය පාලනය කර ගැනීම තවමත් අපහසු වී ඇත.

කොරෝනා වෛරසය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය කළ දැනුම්දීම සමග එහි ව්‍යාප්තිය පාලනය කිරීමට ඉවහල්වන පියවර රැසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් හඳුන්වාදෙනු ලැබීය. ජනවාරි 26 දා කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය ස්ථාපනය කෙරිණ. එවැනි කාර්ය සාධක බලකායක් ස්ථාපනය කළ ප්‍රථම රට ශ්‍රී ලංකාවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලකායේ සාමාජිකයන් සහ වෛරස මර්දනයට සම්බන්ධ ආයතන ප්‍රධානීන් සමග නිතිපතා සහ දවස පුරා සාකච්ඡා කරමින් අවශ්‍ය තීරණ ගනී. පිට රට සිට එන සියලුදෙනා නිරෝධායනයට පාත්‍ර කෙරෙති. නිරෝධායන මාධ්‍යස්ථාන 17ක් දැනට ස්ථාපනය කර ඇත.

ඒවා අවශ්‍ය පහසුකම්වලින් සමන්විතයි. වෛරසය රටට ඇතුළුවීම වළක්වනු සඳහා ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වසා දමා ඇත. මේ සියලු පියවර ක්‍රියාත්මක කළ ද අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ.

දේශපාලන අරමුණු සහිත පිරිස් සහ සාමජ විරෝධී කණ්ඩායම් වත්මන් සෞඛ්‍ය ගැටලුව උපයෝගි කර ගනිමින් සමාජ මාධ්‍ය සහ කට කතා මාර්ගයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචලිත කිරීමෙහි නිරතව සිටිති. ඔවුන්ගෙන් ඇතමෙකු දැනටමත් හඳුනාගෙන තිබේ. එවැනි පිරිස්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව රජය ප්‍රකාශ කරයි.

( ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනකි)

Hot this week

කෝටි 22 ක් වියදම්කල මිගමුව බස් නැවතුම්පොළ කඩාවැටේ ……….

අපවෙත ඇති  තොරතුරුවලට  අනුව මිගමුව බස්නැවතුම්පොළ ඉදිකිරිම සදහා මිලියන...

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

Topics

කෝටි 22 ක් වියදම්කල මිගමුව බස් නැවතුම්පොළ කඩාවැටේ ……….

අපවෙත ඇති  තොරතුරුවලට  අනුව මිගමුව බස්නැවතුම්පොළ ඉදිකිරිම සදහා මිලියන...

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img