හේතුවක් නැතිව නිවසින් බැහැරවී රිමාන්ඩ් වෙන්න එපා

-

අත්‍යාවශ්‍ය සේවා හෝ අවශ්‍යතා හැර නිවසෙන් බැහැරව නොයන ලෙසත් එසේ නිවසෙන් බැහැරව ගිය හොත් වරෙන්තුවක් නොමැතිව වුවද අත් අඩංගුවට ගැනීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඒ මහතා අද (25) මේ බව පැවසීය.

ගෙවුණු පැය 24 තුළ පනවා ඇති ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයන් 420ක් අත් අඩංගුවට ගැනීමට පොලීසියට සිදු වූ බවත් වාහන 97ක් පොලීසිය භාරයට ගැනීමට සිදු වූ බවත් සේනාරත්න මහතා සඳහන් කළේ ය.

මේ වනවිට ඇදිරි නීතිය කඩකළ සමස්ත පුද්ගලයන් සංඛ්‍යව 2682ක් බවත් වාහන 706ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. මෙය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් බවත් සුළු පිරිසක් මෙලෙස කටයුතු කිරීමෙන් රටේ සෞඛ්‍ය අවධානමක් ඇති කරන බවත් සේනාරත්න මහතා පැවසීය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here