ඇදිරි නීතිවෙලාවේ මීගමුවේදී මාරක රිය අනතුරක් සිදුකල ව්‍යාපාරිකයා රිමාන්ඩ්

-

ඇදිරි නීතිය කඩකරමින් යතුරු පැදියක ගමන්කරමින් මාරක රිය අනතුරක් සිදුකල මිගමුව ඇලස් පාරේ පදිචි  සුරංග ප්‍රනාන්දු නමැති ව්‍යාපාරිකයෙකු  අප්‍රේල් මස 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනලෙස මිගමුව වැඩ බලන මහේස්ත්‍රාත් ස්වර්ණා පෙරේරා මහත්මිය නියෝගකළේය.

මෙම මාරක රියඅනතුරෙන් තුවාල ලැබ රෝහල්ගතකල මිගමුව ඇන්ඩර්සන් පාරේ පදිංචිව සිටි 73 හැවරදී රිචඩ් හෙන්රි  ප්‍රනාන්දු නැමති අය 23 දින මියගොස් ඇත.

ඇදිරිනීතිය පවතින වෙලාවේදී    පොලිස් ජංගම මුරසේවා රථයක් දැක පලායමින් සිටි යතුරු පැදිකරු පාරේ දකුණුපස  කොන්ක්‍රීට් තීරුව මත සිටගෙන සිටි පදිකයාගේ වැදීමෙන් මෙම අනතුර සිදුව ඇතිබව පොලිසිය සිදුකල මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකල විමර්ශනවලදී හෙළිවී ඇතිකරුනු අනුව යතුරු පැදියට  රක්ෂණ සහතිකයක් අදායම් බලපත්‍රයක් තිබී නැති අතර රියදුරු බලපත්‍රයක් ද තිබී නැත.

මිගමුව මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක උදය කුමාර වුල්ටර් මහතාගේ උපදෙස් පරිදි මිගමුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජයන්ත මහතාවිසින් සිදුකල විමර්ශන කටයුතු සදහා පොලිස් සැරයන් වරුන්වන 45349 රතසිරි සහ 35409 දේශප්‍රිය යන නිලධරින්ද සහභාගිවිය.

පොලිස් සැරයන් 41380 තිලකරත්න මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත්කරමින් පැමිණිල්ල මෙහෙයවිය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here