කසිප්පු පැකට් 70 ක් සමග සැකකාරියක් තලාදුවේදී අත්අඩංගුවට

-

තැබෑරුම් වසා ඇතිනිසා ඇදිරිනීති කාලයේදී අලවිකිරීමට සුදානම් කරතිබූ කසිප්පු බෝතල් 35 ක්සමග වයස අවුරුදු 45 ක පමන කාන්තාවක්  මිගමුව පොලිසියේ දුෂණ මර්ධන ඒකකය විසින් තලාදුවේදී අත්අඩංගුවට ගෙන ඇත.

දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක HPU හේරත් මහතාට ලද  තොරතුරකට අනුව පොලිස් කොස්තාපල් වරුන්වන 77769 ප්‍රනාන්දු  50018 තුෂාර යන නිලධාරී සමග  සිදුකල වැටලීමේදී සැකකාරිය සමග කසිප්පු තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

කසිප්පු තොගය බෝතල් භාගයේ ඇසුරුම් ලෙස පොලිතින් උර  70 වක අසුරා තිබිණි.

සැකකාරිය  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here