ඇදිරි නිතී බලපත්‍ර අවභාවිතා කරන අයට දැඩි දඩුවම් දෙන්න -ඇමති ප්‍රසන්න

ඇදිරි නිතී බලපත්‍ර අවභාවිතා කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස
නීතිය ක්‍රියාත්මක කරන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන
සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ආරක්ෂක අංශ
වලින් ඉල්ලීමක් කරයි. ඔහු පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය සේවා
පවත්වාගෙන යාම සදහා ලබා දුන් ඇදිරි නීති බලපත්‍රය ඇතම්
සංවිධානාත්මක පුද්ගලයන් අවභාවිතා කරමින් සිටින බවට තොරතුරු ලැබී
ඇති බවයි.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (29) පැවති සාකච්ඡාවේදී ඇමති
ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය. ඇදිරි නිතිය බල
පැවැත්වෙන කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීම
සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මෙම රැස්වීම කැදවා තිබුණි.
අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා ඇදිරි නිති බලපත්‍ර නිකුත්
කිරීමේදී අත්‍යවශ්‍ය අයට පමණක් ඒවා නිකුත් කරන ලෙසත් ප්‍රාදේශිය
ලේකම්, ප්‍රාදේශිය සභා, නගර සභා සභාපති, පොලිස් ස්ථානය, සමූපකාර,
සෞඛ්‍ය අංශ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් හරහා අත්‍යවශ්‍ය
සේවා සදහා ඇදිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු කරන ලෙස
ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය ඖෂධ ලබා දීමේ වැඩ පිළවෙල
ක්‍රමවත් කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරිණි. ඇමති ප්‍රසන්න
රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේ තොරාගත් පෞද්ගලික ඖෂධ
අලෙවි සැල් හරහා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය හා
පොලිසිය මැදිහත්ව මේ සදහා වැඩසටහනක් වහාම ආරම්භ කල යුතු
බවයි. ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය මෙහිදී කියා සිටියේ මේ
සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ පෞද්ගලික ඖෂධ අලෙවි සැල් කීපයක්
බැගින් මේ සදහා තෝරාගෙන ඇති බවයි. මෙම ඖෂධ අලෙවි සැල් විවෘත
කර ජනතාවට අවශ්‍ය ඖෂධ ලබා දීමේ වැඩ සටහන ප්‍රජා පොලිස්
සේවයේ මැදිහත් වීමෙන් සිදු කිරීමට මෙහිදී තීරණය විය.
ගම්පහ දිස්ත්‍රික්යේ මේ වන විට හදුනාගෙන ඇති කොවිඩ් 19 හෙවත්
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 10ක් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය

කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ දිලිනි විජේසේකර මහත්මිය මෙහිදී
සදහන් කලාය. ජා ඇලින් 06ක්, වත්තල , මිනුවන්ගොඩ, මහර, කැළණිය,
ප්‍රදේශි වලින් 01 බැගින් කොරෝනා රෝගීන් හදුනාගෙන තිබේ. මීට
අමතරව නිරෝධාන මධ්‍යස්ථාන වල සිටි ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි
පුද්ගලයන් 08 දෙනෙකු කොවිඩ් 19 ආසාධිතයන් ලෙස හදුනාගෙන ඇත.
දැනට කොවිඩ් 19 අසාධිත බවට සැක කෙරෙන පුද්ගලයන් 20ක් පමණ
රාගම, මීගමුව, හා ගම්පහ රෝහල්වල ප්‍රතිකාර ලබති. කොරෝනා
ආසාධිත 10 දෙනා සමග සෘජුවම සම්බන්ධ වූ 115 දෙනෙකු මේ වන විට
ස්වයං නිරෝධානයට ලක්කර තිබේ. විදේශවලින් පැමිණි 1800ක් පමණ මේ
වන විට ස්වයං නිරෝධානයට ලක් කර ඇත. කන්දකාඩු නිරෝධාන
මධ්‍යස්ථානයේ නාරෝධානය වූ 190 දෙනෙකු දිස්ත්‍රික්කයට පැමිණ ඇති
අතර ඔවුන්ද නිවෙස්වල ස්වයං නිරෝධානයට ලක් කර තිබේ. මීට
අමතරව චෙන්නායි සිට පැමිණි 13 දෙනෙකු ද මේ වන විට ස්වයං
නිරෝධානයට ලක් කෙරෙන බවද දිලිනි විජේසේකර මහත්මිය කීවාය.
සමෘද්ධි අධ්‍යක්ෂකවරයා සහදන් කලේ සමෘද්ධි ප්‍රතිලාභීන් සදහා දෙන
සහනාධාරය පළමු අදියර යටතේ රු 5000ක මුදලක් සමෘද්ධි ප්‍රතිලාභීන්
64230කට ලබා දී ඇති බවයි. ඒ සදහා වැඩි කෙරුණු මුදල රුපියල්
මිලියන 311 කි. ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යව 1,38,777
කි. මේ සියලු දෙනාට අදාල මුදල අගහරුවාද වන විට ගෙවා අවසන් කරන
ලෙසද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සමෘද්ධි අධ්‍යක්ෂකවරයාට මෙහිදී
උපදෙස් දුන්නේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ නිදහස් වෙළද කලාපයෙන් පිටස්තරව ඇති කර්මාන්ත
ශාලා වල සේවක සේවිකාවන් බෝඩිං වලට සිමා වී ඇති බවත් ඔවුන්ව
නිවෙස් වලට යැවීමට වැඩ පිළිවෙලක් අවශ්‍ය බව පැවසූ ඇමති ප්‍රසන්න
රණතුංග මහතා එවැනි අය ඇත්නම් ග්‍රාම නිළධාරි හරහා ලියා පදිංචි කර
ඔවුන් නිවෙස් වලට යැවීම සදහා වැඩ පිළිවෙලක් සකස් කරන බව
කීවේය. ඒ සදහා වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස ගම්පහ නියෝජ්‍ය
පොලිස්පතිවරයාට ඇමතිවරයා උපදෙස් දුන්නේය. අත්‍යවශ්‍ය ආහාර
බෙදාදීමේ වැඩ සටහන විධිමත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස
සාකච්ඡා කෙරිණ.

ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී අවධාරණය කලේ ඉදිරි සති 02 කාලය
රටට ඉතා තීරාණාත්මක බවයි. මෙම සති 02 තුල මෙරට ජනතාව
ඉවසිලිවන්තය ක්‍රියා කලහොත් තත්ත්වය පාලනය කර ගත හැකි බව
සෞඛ්‍ය අංශවල මතය බව පෙන්වා දුන් රණතුංග මහතා ඒ වෙනුවෙන්
සියලු පාර්ශව වල සහාය අවශ්‍ය බවද මෙහිදී අවධාරණය කළේය.
හිටපු රාජ්‍ය අමාත්‍ය වරුන් වන නිමල් ලාන්සා, ඩුලිප් විජේසේකර, දිස්ත්‍රික්
ලේකම් සුනිල් ජයලත් සියලුම් ප්‍රාදේශිය ලේකම් වරු, පළාත් පාලන
ආයතන ප්‍රධානීන් මෙම රැස්වීමට සහභාගී වූහ.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img