කොරෝනාවෙන් පීඩාවට පත් ජනතාවට සහන රැසක්

නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් ප්‍රදානය කෙරේ.

එකවර ලැබෙන දීමනාවක් ලෙස රුපියල් 5,000/-ක් ගෙවීමෙන් ඔවුන් මුහුණපා සිටින ආර්ථික දුෂ්කරතා සමනය වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අත්‍යාවශ්‍ය සේවා යථා පරිදි පවත්වාගෙන යාමට ස්ථාපිත ජනාධිපති කාර්ය සාධක බලකායට උපදෙස් දී ඇත.

ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කළ සහන සහ ඒවා ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිළි කරන චක්‍ර ලේඛයක් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් අද නිකුත් කරනු ලැබීය. එය මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරුන්, සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කර තිබේ. නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ප්‍රමුඛතා වැඩසටහන අවසන් වූ බව ප්‍රකාශයට පත් කරන තෙක් මේ සහන සමූහය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.

නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ප්‍රමුඛතා වැඩසටහනේ අත්‍යාවශ්‍ය අංගයක් වන්නේ සමස්ත ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාම බව ජනාධිපති ලේකම්වරයා සිය චක්‍ර ලේඛයෙන් කියා සිටී. වෛරස ව්‍යාප්තිය හමුවේ අවතැන් වූ එදිනෙදා ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ ජන කොටස්වල ජන ජීවිතය ප්‍රධාන ව්‍යුහයට එක් කර ගැනීම අවශ්‍යයෙන්ම කළයුතු බව ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් හඳුනාගෙන තිබේ.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට නිවෙස් වෙත ලබාදීමට සියලු පියවර ගන්නැයි දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් දෙන ලෙස ජනාධිපතිතුමා තමාට නියෝග කළ බව ආචාර්ය ජයසුන්දර මහතා තම චක්‍රලේඛයේ සඳහන් කරයි.

ජනාධිපති ලේකම්වරයා අද නිකුත් කළ චක්‍රලේඛයේ ඇතුළත් සහන සහ ඒවා ලැබීමට සුදුසුකම් ඇති අය මෙසේය,

1- වැඩිහිටි දීමනා ලාභී 416,764 දෙනාට සහ වැඩිහිටියන් ලෙස හඳුනා ගනු ලැබ, පොරොත්තු ලේඛනගතව සිටින 142,345 කට රුපියල් 5000/- ගෙවනු ලැබේ.

2- ආබාධිත දීමනාලාභී 84,071 සහ ආබාධිත ලෙස හඳුනාගනු ලැබ, පොරොත්තු ලේඛනයේ සිටින 35,229ක් දෙනාට ද රුපියල් 5,000/- දීමනාව හිමි වේ.

3- ගොවි රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි 160,675 වන ගොවීහු ද රුපියල් 5,000/- දීමනාව හිමිකර ගනිති.

4- වකුගඩු රෝගී දිමනා ලාභී 25,320ක් සහ පොරොත්තු ලේඛනයේ සිටින 13,850 ක් දෙනාට ද රුපියල් 5,000/- දීමනාව ගෙවනු ලැබේ.

5- ගර්භනී මාතාවන් සහ මන්ද පෝෂිත දරුවන් සඳහා ත්‍රිපෝෂ සහ වෙනත් පෝෂණ ද්‍රව්‍ය නිවෙස් වෙත ඝෘජුවම සපයනු ලැබේ.

6- සමෘද්ධි හිමිකම්ලාභී 1,798,655ක් දෙනාට සහ පොරොත්තු ලේඛනගත පවුල් 600,339 දෙනාට රුපියල් 5,000/- දීමනාව සමෘද්ධි බැංකුව / සමෘද්ධි අධිකාරිය මගින් ගෙවනු ඇත.

7- 645,179ක් වන විශ්‍රාමික රජයේ සේවකයනට විශ්‍රාම වැටුප ගෙවනු ලැබේ.
8- 1,500,000ක් වන රජයේ සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප ගෙවන අතර වැටුප මත ණය මුදල් අය කිරීම නැවත දන්වන තුරු අත්හිටුවා ඇත.
9- ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ සහ ස්වයං රැකියා සඳහා භාවිත මෝටර් රථ හිමියන් ඇතුළු ස්වයං රැකියාවල නිරත1,500,000ක් දෙනාට කල් බදු වාරික සඳහා සහන සැලසේ

10- උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආර්ථික අපහසුතා නිසා සේවක වැටුප් ගෙවීමට නොහැකි පෞද්ගලික ව්‍යාපාරවලට ද සහන හිමි වෙයි.

ඉහත වර්ගීකරණයට අයත් නොවන නමුත් අවදානමට මුහුණ පා සිටින්නවුන් ලෙස හඳුනා ගන්නා අයට ද සමාන සහන සැලසේ. එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සමාජ සේවා සංවර්ධන, සමෘද්ධී සංවර්ධන, කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පුද්ගලයන් වෙත ඝෘජුවම බෙදාදීමට ක්‍රියා කළ යුතු බව ජනාධිපති ලේකම්වරයාගේ චක්‍රලේඛයේ සඳහන් වෙයි. මේ ක්‍රියාදාමයේ දී ගොවීනට සාධාරණ මිලක් ලැබෙන පරිදි අතරමැදියන්ගෙන් තොරව සතොස, සමූපකාර වෙළඳ සැල් සහ පෞද්ගලික වෙළෙඳ ජාලයන් හවුල්කර ගන්නා ලෙස දැනුම් දී ඇත. එසේම අදාළ නිලධාරීන් ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ක්‍රියාකළ යුතු බව ජනාධිපති ලේකම්වරයා පවසයි

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img