අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙනයන මුවාවෙන් විදේශීය මත්පැන් සහ සිගරට් අලවිකල ජංගම රථයක් රද්දොළුගම පොලිසිය විසින් වෑත්තාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
රද්දොළුගම පොලිසියේ ජංගම මුර සංචාරයේ යෙදී සිටි නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකල වැටලීමකදී ලොරි රථය තුල තිබී විදේශීය මත්පැන් බෝතල් 9 ක් සහ රට සිගරට් 400 ක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ලොරි රථයේ අත්‍යවශ්‍ය සේවා යනුවෙන් පුවරුවක් සවිකර තිබී ඇත අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දඩුගම ජාඇල සහ කුස්වල පදිංචිකරුවන්ය.
වැඩිදුර විමර්ශන වලින් පසු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
පුස්තකාල ජායාරුපයකි





