වියළි කාලගුණය හමුවේ හම්බන්තොට පානීය ජල හිඟයක් ඇතිවෙයි

-

පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පානීය ජල හිඟයක් හටගෙන ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.

ඒ අනුව බලපෑම් එල්ලවී ඇති පවුල් 3867 කට අයත් පුද්ගලයන් 17,372 කට බවුසර මඟින් ජලය සැපයීමට පියවර ගෙන ඇති බවයි හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එව්.පී සුමනසේකර සඳහන් කළේ.

බෙලිඅත්ත, තංගල්ල, ලුණුගම්වෙහෙර, තිස්සමහාරාම, හම්බන්තොට දිස්ත්‍රික්කවලට බවුසර මඟින් ජලය ලබාදීමට කටයුතු කරමින් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here