ශාන්ති ඝාතනය -පුල්ලියා අත්අඩංගුවට

-

මරඳවත්ත, කෙහෙල්ඇල්ල ලිපිනයේ පදිංචිව සිටි, සිරිවර්ධනගේ ශාන්ති(59) නමැති කාන්තාව ඝාතනය කිරීමේ  සිදුවීමට අදාලව සැකකරුවෙකු කොච්චිකඩේ පෝරතොට ප්‍රදේශයේදී බඩල්ගම පොලිසිය විසින් 23 දින  අත්අඩංගුවට ගෙන තිබේ.

ඉහල මඩම්පැල්ල. රජගහපුර   ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවකියන හුරතල් පේඩිගේ ප්‍රේමතිලක නොහොත්  පුල්ලියා. නමැත්ත මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

ඉහත සඳහන් සැකකරු ගෙවල් බිඳුම් සිදුකරන සහ මත්‍පැන්වලට ඇබ්බැහිවූ පුද්ගලකු වන අතර, සොරකමේ යෙදෙන අතරතුරදී මරණකාරිය තනිව නිවසේ සිටීම හේතුවෙන් ඇය දුෂණය කර ඝාතනය කර ඇති බවට තොරතුරු සිදුකල මුලික විමර්ශන වලදී  අනාවරණයවී ඇතිබව බඩල් ගම පොලිසිය පවසයි.

බඩල්ගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පතිරණ මහතා ගේ මෙහෙයවීමෙන් විමර්ශ සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි

සැකකරුඅද 24 දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සහ , ඩී.එන්.ඒ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමටද නියමිතය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here