නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි

-

නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී තිබෙනවා.

ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළැඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළැඹීම සිදු කෙරෙනවා.

බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියෝ සියලු කෙලෙසුන් නසා රහත් වී ඇත්තේ ද බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිධන් කර සේරුවිල මංගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම සිදුව ඇත්තේ ද අද වැනි නිකිණි පොහොය දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

අජාසත් රජුගේ දායකත්වයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා, රජගහ නුවර දී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ දිනය ලෙස ද නිකිණි පුර පසළොස්වක පොහොය වැදගත් වනවා.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here