බිස්කට් ටින් තුනක කෝටි තිහක කොකේන්

-

රුපියල් මිලියන 300 ක පමණ වෙළද පොළ වටිනාකමක් ඇති කොකේන් කිලෝග්‍රෑම්  හතරක් සමග කෙන්යානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

24 දින සවස හතරට පමණ  දෝහා සිට කටුනායක ගුවන් තොටට පැමිනි QR 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇති 34 වියැති මෙම කෙන්යානු ජාතිකයා බිස්කට් ටින් තුනක්  තුල සුක්‍ෂම ලෙස  මෙම කොකේන්  අසුරා  ගමන් මලුතුල සගවා ගෙන ගුවන් තොටුපොලෙන් රටතුලට ගෙන් ඒමට උත්සාහ කර ඇතිබව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පවසයි .

ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන් තොටුපොලේ සිට කටාර් රාජ්‍යයේ දෝහා ගුවන් තොටුපොල හරහා ඔහු පැමින ඇති අතර  රේගු විමර්ශන වලින් අනතුරුව මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරු වැඩිදුර විමර්ශන සදහා  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය වෙත භාර බාරදෙනබව සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් පවසයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here