වසර තුනකට පසුව ශ්‍රී ලංකාවට සංචාරකයන් මිලියනයක්

-

අද දිනය ශ්‍රිලංකාවේ සංචාරක කර්මාන්තයට සුවිශේෂ දවසක්බව සංචාරක සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ සංවර්ධන අධ්‍යක්ෂක ආචාර්ය ප්‍රසාද් ජයසේකර මහතා පැවසිය.

ඔහු මෙම අදහස් පලකලේ ශ්‍රී මෙම වසරතුල ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයන් ගණන දසලක්ෂයේ සීමාව පසුකරමින් පැමිණි දස ලක්‍ෂ වන සංච්රකයා වන රුසියානු ජාතික ඇලෙක්ස් ඔහුගේ බිරිද ජුලියා සහ දරු දෙදෙනා පිළිගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පලකරමිනි.

මෙහිදී වැඩිදුරටත්  අදහස් පලකල ආචාර්ය ප්‍රසාද් ජයසේකර මහතා2019 වර්ෂයට පසුව මේවසරේ  අද දිනයේ ශ්‍රීලංකාවට පැමිණි විදේශ සංචාරකයන් ගණන දසලක්‍ෂයේ  සීමාව පසුකරනබවත් පසුගිය වසරේ පැවති විදුලි ඉන්ධන ආර්ථික අර්බුද සහ අරගල ක්‍රියා මාර්ග නිසා  සංචරක කර්මාන්තය බින්දුවටම  කඩාවැටුනුබවත්  ඉන් මාස 15 වකට පසු සංචාරකයන් පැමිණීම දස ලක්සයේ සීමාව පසුකිරීමට ලැබීම සංචාරක කරමන්ත්ය ලැබූ ජයග්‍රහණයක් බවද පැවසිය.

එමෙන්ම සියලු බාදක මැඩගෙන සංචාරක කර්මානත්ය ඉදිරියට ගෙන ඒමට හැකිවී ඇතිබවත් මේවසර අවසන් වනවිට සංචාරකයන් ලක්‍ෂ 16 ක් ශ්‍රීලංකාවට ගෙන්වා ගැනීම ඉලක්කය බවද තවදුරටත් පැවසිය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here