දමිළ දේශපාලකයන් කල්ලියක්ජාතිවාදය වැපිරීමේ උත්සාහයක

-

අක්‍රිය ගමන් බලපත්‍රයක ඇති වලංගු  විසා යොදා ගනිමින්  වලංගු ගමන් බලපත්‍රයක් සමග විදේශ ගතවීමට හැකිබව අද සාක්ෂි දුන් ආගමන විගමන නිලධාරියා අධිකරණයේදී පිළිගත් බවත් ඒ අනුව තමන් යහපාලන ආණ්ඩු සමයේ  ව්‍යාජ ගමන් බලපත්‍රයකින් රට යාමට උත්සාහ කලබවට බොරු චෝදනාවක් කරමින් රහස්පොලිසිය මගින් අත්අඩංගුවට  ගැනීම නිත්‍යානුකූලද නැත්ද යන්න අද අධිකරණයට පැහැදිලි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පලකලේ ඔහුට විරුද්ධව මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ගමන් බලපත්‍ර නඩුවට පෙනිසිටිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

නැවත මෙරටේ සිංහල දමිල බෞද්ධ හින්දු ගැටුමක් ඇතිකරගෙන  දේශපාලන වාසි ලබාගැනීමට ත් සිංහල බෞද්ධයා තමනට පහර දෙන බවට ලෝකයේ මතයක් ගොඩනැගීමට  ද්‍රවිඩ දේශපාලකයන් කල්ලියකට අවශ්‍යතාවයක් තිබෙනබවත්  ඒ සදහා සිංහල ජනතාව කුපිත කිරීම සදහා කුරුන්දි විහාරය යාපනය පන්සල  වැනි ස්ථානවල  ප්‍රශ්න ඇතිකරන බවද විමල් විරවංශ මහතා තවදුරටත් පැවසිය.

මෙය වැළැක්වීම සදහා රජය මැදිහත්ව නිතිය ක්‍රියාත්මක කලයුතු බවත් පැවසූ මන්ත්‍රීවරයා සමහර රාජ්‍ය ව්‍යාපාර ඉතාමත් සුක්‍ෂම බිදදමමින් සිටින බවද  මන්ත්‍රී වරයා වැඩිදුරටත් පැවසිය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here