ගුවන් තොටුපොළට ස්මාර්ට් සේවකයන් -ඇමති නිමල් සිරිපාල

-

ලෝකය සමග ඉදිරියට යාමට තාක්ෂනය අවශ්‍යයි ඒසදහා තාක්ෂනය උකහාගතහැකි වෘත්තිකයන් සිටිය යුතුයි

එම නිසා වැඩි පඩි සොයාගෙන විදේශගත නොවී මෙරට රැදී සිටිමින් මවුබිමට සේවය කරන  වෘත්තිකයන් අගය කලයුතු බව වරාය නාවික හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශකළේය

ශ්‍රී  ලංකාවේ ගගන හා නාවික තොරතුරු සේවය තත්ත්වයෙන් ඉහළ නැංවීමට රුපියල් බිලියන 1.2 ක ආයෝජනයක් සිදුකරමින් ප්‍රංශයේ Thales සමාගම වැඩිදියුණු කර ඇති TOP SKY AIM පරිගණක පද්ධතිය ස්ථාපිත කිරීම සහ ගගන හා නාවික තොරතුරු පද්ධතිය සදහා ISO 9001 : 2015 තත්ත්ව කළමනාකරණ සහතිකයත් හිමිවීම පිලිබදව කරුණු  පැහැදිලිකරමින් .අද10 දින  ගුවන් තොටුපොල ශ්‍රවනාගාරයේදී  අමාත්‍ය වරයා මෙම අදහස් පලකලේය.

මෙහිදී තවදුරටත් අදහස් පලකල අමාත්‍යවරයා ලෝකයේ කිසිම රටකට දෙවන නොවන ආකාරයෙන්තාක්ෂණික උපකරණ සවිකර ඇතිබවත් මෙම දැවැන්ත ආයෝජනය සදහා  වැයකලේගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමේ මුදල් බවද පැවසිය. තාක්ෂණ කේෂ්ත්‍රයට වැඩි වැඩියෙන් බදවාගෙන පුහුණුකර  මීලග පරපුර තාක්ෂණයෙන් සන්නද්ධ කලයුතු බවද.

ගුවන් තොටුපොළක් ස්මාර්ට් වියයුතු බවද වැරහැලි ඇදගෙන සෙරෙප්පු දාගෙන්න එහෙට මෙහෙට යන පෝටර්ලා නොව පෙනුමෙනුත් ක්‍රියාවෙනුත් ස්මාර්ට් අය අවශ්‍ය බවද  ගුවන් තොටුපොල ජනතාව ගැවසෙන තැනක් බැවින් ආචාරසිලි වීම වැදගත් යයිද  අමාත්‍ය වරයා වැඩි දුරටත් පැවසිය.

මෙම අවස්ථාවට  ගුවන්තොටුපළ හා ගුවන්සේවා පුද්ගලික සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි සිවිල් ගුවන්සේවා අධිකාරියෙහි සභාපති ජී.එච් විතානගේ සිවිල් ගුවන්සේවා අධිකාරියෙහි අධ්‍යක්ෂ ජෙනරාල් පී.ඒ ජයකාන්ත යන මහත්වරුද සහභාගී විය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here