ව්‍යාපාරිකයාගේ ගමන් මල්ලේ ලක්ෂ 14 ක රට සිගරට්

-

රුපියල් දාහතර ලක්ෂ හතළිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ  ව්‍යාපාරිකයෙකු කටුනායක  ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 19 දින අත්අඩංගුවට ගෙන තිබේ.නිතර විදෙස් ගමන්වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වන 33 හැවිරිදි මොහු නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

සැකකරු 19 දින අලුයම 06.05 ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී- 822 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.

සැකකරු  විසින් රැගෙන ආ ගමන් මලු කීපයක දුම්වැටි 14,400ක් අඩංගු දුම්වැටි කාටුන් 72 ක් සූක්ෂම ව අසුරාගෙන පැමිණ තිබු බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.සැකකාර ව්‍යාපාරිකයා පොලිස් ඇප මත මුදාහැරීමට කටයුතු කරඇති අතර මෙම මස 25 වෙනිදින   දුමවැටි  තොගයද සමග මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here