ඉන්දුනීසියානු කතගේ කතන්දර පොත් ඇතුලේ මිලියන 230 ක කොකේන්

-

මිලියන 230 ක පමණ වෙළදපොල වටිනාකමක් ඇති කොකේන් ග්රෑම් 4598 ක සමග කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය මගින් අත් අඩංගුවට ගෙන ඇතිබව රේගු අධ්‍යක්ෂක රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි

අද 22 දින  සවස 4.00 ට   කටුනායක ගුවන් තොටුපොලට පැමිනි QR 656 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිනි 42 හැවරදී ඉන්දුනීසියානු කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය  රැගෙන පැමිණි ගමන් බෑගයක මුද්‍රිත ළම කතාන්දර පොත්වල පිටකවර තුල මෙම කොක්න් ඉතාමත් සුක්ෂම ලෙසසගවා මෙම කොකේන් තොගය රට තුලට ගෙනඒමට උත්සාහ කර ඇතිබවත් මෙම කාන්තාව පිලිබදව ඇතිවූ සැකයමත රේගු මත්ද්‍රවය කාර්යාංශය සිදුකල පරික්ශාකිරිමේදී මෙම කොකේන් තොගය සොයාගැනීමට හැකිවී ඇත.

 

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම කාන්තාව හා මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය වෙත භාර දීමට නියමිතය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here