නිලධාරී පිස්සු කෙලියි මිගමුව නගරයම යටවෙයි

-

ඊයේ සවස මිගමුව නගරය වසර ගණනාවකට පසු ජලයෙන් යටවිය බස්නැවතුම්පොල සුපිරි වෙළද සල් සහ ව්‍යාපාරික ස්ථාන රැසක් ජලයෙන් යටවීතිබෙනු දක්නට ලැබිණි.

සුළු වැස්සකදී පවා යටවෙමින් තිබු මිගමුව නගරය මතුපිට කානු පද්ධතියක් සකස් කිරීමත් සමග නතරවූ අතර කානු පද්ධතිය නිසිලෙස නඩත්තු නොකිරීම නිසා  ඊයේ මුළු නගරයම යටවූ බව නගර වැසියන් සහ ව්‍යාපාරික ප්‍රජාව පවසයි.

නගරයේ අත්‍යාවශ්‍ය සේවා කටයුතු සිදුකිරීම නතරකර අනවශ්‍ය කටයුතු සදහා නාගරික කොමසාරිස් වරයා ඇතුළු  නගර සභාවේ නිලධාරීන් පිරිසක් කටයුතු කරමින් සිටින බවට හිටපු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් චෝදනා කරති.

මෙම පාලකයින් කානු පද්ධතිය පිළිසකර කිරීම වීදි ලාම්පු අලුත් වැඩියා කිරීම වැනි අත්‍යාවශ්‍ය කටයුතු නොකර   රාජපක්ෂ උද්‍යානයේ ඇවිදින මන්තිරුවේ ඉන්ටර්ලොක්ගල් ඉවත්කර ලක්ෂ 70 ක් වියදම් කර අලුතින්  ඉන්ටර් ලොක් ගල් ඇල්ලීමට වැනි  කටයුතු සිදුකරමින් මුදල් නාස්ති කරන්නේ අතයට ගනුදෙනු සිදුවන නිසාදැයි නගර සභාවේ සේවකයන් අතර මෙන්ම හිටපු මහජන නියෝජිතයින් අතර මේදිනවල  සංවාදයන් සිදුවන බවද වර්තාවේ.

.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here