කටාන ප්‍රාදේශීය සභාවේ ලේකම්ගේ කැකිල්ලේ තීන්දු

-

කටාන ප්‍රදේශීය සභාවේ ලේකම්වරයා  ප්‍රදේශීය සභා බලප්‍රදේශයේ තිබෙන කැලිකසල එකතුකිරිම වැනි  අතාවශ්‍ය කටයුතු ඉටුනොකරමින් නියමිත කාර්ය පටිපාටියෙන් බැහැරව පුද්ගලික ලබැදියවන් පදනම් කරගනිමින් බලය අයුතු ලෙස බාවිතා කරමින් සිටින බව වාර්තාවේ.

අක්කර පනහ ග්‍රාමසේවක වසමේ ඇති ගැමුණු මාවත නමින් නම්කර ගෙන  තිබෙන අඩි 30 ක් පළල පාරක “මෙම පාරේ වාහන නතරකිරිම තහනම් මිට අණපරිදි කටාන ප්‍රදේශීය සභාවේ ලේකම් “ යනුවෙන් සදහන් පුවරුවක් සවිකිරීම මෙහි ආසන්නතම ස්දුවිම වශයෙන් ඊයේ 18 වන දින වාර්තාවිය.

පාරක වාහනයක් නැවැත්වීම තහනම් කරමින් කටාන ප්‍රාදේශීය සභාව විසින් සවිකර ඇති එකම පුවරුව මෙය විය හැකි අතර අඩි තිහක් පළල පාරක මෙවැනි පුවරුවක් සවිකිරීමට තීන්දු තීරණ නිසි කරුණු අධ්‍යනයකින් මිස තමන්ගේ පුද්ගලික ලබැදියවන් පදනම් කරගෙන නොගත යුතුබව බව ප්‍රාදේශීය සභාවේ ලේකම් වරයා ඇතුළු  මෙම කරුණ සම්බන්ධයෙන් තිරනගත් රාජ්‍ය නිලධාරීන් තේරුම් ගෙන නොතිබීම කනගාටුවට කරුණකි

.

මේ පිලිබදව මෙම ලියුම්කරු කටාන ප්‍රාදේශීය සභාවේ ලේකම් වරයාගෙන් දුරකථනය ඔස්සේ විමසීමක් කල අතර ඔහු ප්‍රකාශකලේ ප්‍රදේශ වාසීන්ගේ ඉල්ලීමක් පරිදි මෙම පුවරුව සවිකළ බවත් තමන් මේ පිලිබදව වැඩිදුර තොරතුරු නොදන්නා බැවින් වැඩිදුර තොරතුරු කාර්මික නිලධාරී පර්සි මහතාගෙන් ලබාගන්නා ලෙසයි.

ලේකම් වරයාගේ  මෙම ප්‍රකාශයෙන්ම ගම්‍ය වන්නේ ඔහු නිසි විමර්ශනයකින් තොරව මෙම පුවරුව සවිකිරීමට කටයුතු කර ඇති බවකි.

මෙම මාර්ගය භාවිතා කිරීමේ අයිතිය ඇති ඉඩම්හිමියන් නමදෙනකු සිටින අතර ඔවුන් අතරින් අඩුපිරිසක් විසින් සිදුකරන ලද ඉල්ලීමක් අනෙක් අයගේන්  කරුණු විමසීමකින් කේෂ්ත්‍ර පරීක්ෂණයකින් තොරවකඩි මුඩියේ  සිදුකිරීම පිටුපස ඇති කරුණු අපවිසින් අධ්‍යනය කරගෙන් යනඅතර ඒවා ලදවහා එළිදරවු කිරීමට කටයුතු කරමු.

ලේකම් වරයාගේ මෙම අත්තනෝමතික  ක්‍රියාව හේතුවෙන් මෙම මාර්ගයේ ඉඩම් හිමියන් අතර මතබේදයක්ද ගොඩනැගී ඇත.

බස්නාහිර පළාත් පලාත්පාලන කොමසාරිස් තුමනි මේ ඔබේ අවධානය පිණිසයි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here