මීගමුවේ මතුපිට කාණු මරඋගුලක් වෙයි

-

සුළු වැස්සකදී පවා යටවෙමින් තිබු මිගමුව නගරයනිමල් ලාන්සා මහතා නගරාධිපතිව සිටි සමයේ   මතුපිට කානු පද්ධතියක් සකස් කිරීමත් සමග නතරවූ අතර එම කානු පද්ධතිය නිසිලෙස නඩත්තු නොකිරීම නිසා පසුගිය වැසිසමයේ අවස්ථා කිහිපයකි නගරය වැසි ජලයෙන් යටවිය.

මේ පිලිබදව මාධ්‍ය ඔස්සේ කරුණු වාර්තාවීමත් සමග කානු පවිත්‍ර කිරීමේ කටයුතු මිගමුව  මහානගර සභාව විසින් සංදර්ශනාත්මකව ආරම්භකලත් එය අතරමග නතරකර දැමුණු බවත් ඉදිරි වැසි සමයේ යලි නගරය වැසි ජලයෙන් යටවීමේ අවධානමක් ඇතිබවත් නගර වැසියෝ සහ ව්‍යාපාරිකයෝ පවසති.

වියලි කාලගුණයක් පවතින මේදිනවල කානුවල එකතුවී ඇති පස් ඉවත්කර පහසුවෙන් කානු පද්ධතිය පිළිසකර කිරීමට අවස්ථාව තිබෙන අවස්ථාව නගරසභාවේ නිලධාරීන් විසින් මගහරිමින් සිටිනබවද නගරවැසියන් පවසති.

මෙම ජයාරූප වලින් දැක්වෙන්නේ  පස් සහ විවිධ කසල වලින් ගොඩවී ඇති ග්‍රීන්ස් පාරේ කනු පද්ධතිය වනඅතර වැසිසමයේදී කොන්ක්‍රීට් ආවරණ කඩාවැටී ඇති අනාරක්ෂිත කපොලු තුලට වැටී පදිකයන් අනතුරුවලට ලක්වීමේ අවධානමක් ඇතිබවද දක්නට ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here