හෙරොයින් සමග අත්අඩංගුවට ගත් උසාවියේ ආරච්චිට රැදවුම් නියෝග

-

හෙරොයින් මිලි ග්‍රෑම්8200 ක් සමග සැකපිට  අත්අඩංගුවට ගෙන මිගමුව  මහේස්ත්‍රාත් අධ්කරණය හමුවට පැමිණවූ මීගමුව මහාධිකරණයේ සේවකයෙකු  මෙම මස 25 දින දක්වා මිගමුව මුලස්ථාන පොලිසියේ රදවාගෙන ප්‍රශ්නකිරීමට  ප්‍රධාන මහේස්ත්‍රාත්රඛිත අබේසිංහ මහතා  20 දින   මිගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයට  අවසර ලබාදුන්නේය.

මිගමුව මහාධිකරණයේ ආරච්ච්ලා තනතුරක සේවය කරන අංක 672/3 කුලසෙවන මාවත කොට්ටාව ලිපිනයේ පදිංචි කරුවෙකු බවකියන 29  වියැති   චමිත් රාජික වානගුරු නමැත්තාට මෙලෙස  රැදවුම් නියෝග නිකුත්කෙරුණි.

මිගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යඅංශයේ උපපොලිස් පරීක්ෂක සදරුවන්  මහතාට ලැබුණු තොරතුරකට ඒ මහතා  ඇතුළු නිලධාරීන් කණඩායමක් විසින් අංක 154/ඩි ග්‍රේස්ලයින් වත්ත, දෙමංහංදිය ලිපිනයේ පදිංචි අම්බල විතානගේ චානක දිලීප් යන අය හෙරොයින් මිලි ග්‍රෑම් 5100 ක් සමග 19 දින සවස අත්අඩංගුවට ගෙන තිබේ

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීමේදී,හෙළිවූ කරුණු අනුව ඔහුට හෙරොයින් අලවිකල බවකියන මිගමුව මහාධිකරණයේ සේවකයා මිගමුව බැල්පර් පාරේ  නේවාසිකාගාරය අසලදී හෙරොයින් මිලි ග්‍රෑම්  8200 ක් සමග මිගමුව කොට්ඨාශයේ අපරාධ විමර්ශන කාර්යඅංශයේනිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

.හෙරොයින්     සන්තකයේ තබාගැනීම ජාවාරම් කිරීම ඇතුළු චෝදනා ලැබ අධිකරණය හමුවට  පැමිණවූ හෙරොයින්  මිලි ග්‍රෑම් 5100 ක් සමග අත්අඩංගුවට ගත් අම්බල විතානගේ චානක දිලීප් යන අය අප්‍රේල් මස 3 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනලෙස මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා විසින් නියෝග කළේය.

මිගමුව කොට්ඨාශයේ පොලිස් අධිකාරි එරික්  පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය විසින්  වැඩිදුර විමර්ශන කටයුතු සිදුකෙරේ

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here