ජනාධිපතිවරණය පවත්වා අවුරුද්දක් සම්පුර්න වේ එමෙන්ම මීගමුවට නව නගරාධිපති වරයෙකු පත්වී මාස තුනක් ඉක්ම ගොස් ඇතත් මීගමුවේ නගරයේ පරිපාලන කටයුතු වල සාධනීය පරිවර්තනයක් සිදුවන බවක් දක්නට නැතිබව නගර වැසියෝ පවසති.
අලුතින් පත්ව ඇති නාගරික මන්ත්‍රීවරුද පෙර පරිදිම කුණු ට්‍රැක්ටරය සහ විදුලි බුබුළු සවිකරන වාහනයේ ඉදිරිපසින් පසුපසින් ගමන් කරනු දක්නට ඇත.
ජන්ද දායකයා මෙන්ම නාගරික මන්ත්‍රීවරයාද පළාත් පාලනයේ කාර්ය භාරය කුණු ඇදීමට සහ විදුලි බුබුලකට ලඝු කරගෙන තිබේ.
මේ වන විට නගර සභාව ආර්ථික ගැටළු වලට මුහුණ දෙමින් සිටින බවත් විකල්ප ආදායම් මාර්ග සෙවිය යුතු බවත් නිරන්තරයෙන් කථා කරන මාතෘකාවක් වී ඇත.
තම ප්‍රදේශයේ ඇති සභාව සතු දේපොළ උපරිම ප්‍රතිලාභ ලැබෙන බවට සහතික වීම සදහා නාගරික මන්ත්‍රීවරුන් සක්‍රියව දායක වියයුතුය .
තම බල ප්‍රදේශයේ ඇති සභා දේපොළ අනිසි ලෙස බුක්ති විදින්නේ නම් ඒ බව මහා සභාවේදී හෝ කාරක සභාවල දී හෙළිකර එම දේපොළවලින් ලැබෙන ආදායම් සභාවට ලබාගැනීමට කට යුතු කිරීම සදහා යෝජනා කිරීම නාගරික මන්ත්‍රීවරුන්ගේ ප්‍රමුක වගකීමකි.
මීගමුවේ මාර්ග සංවර්ධන අධිකාරියට සහ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් අයත් කිසිදු මාර්ගයක නතරකරන වාහන වලින් ගාස්තු අයකර ගැනීමට සහ මාර්ගවල කුලී රථ නැවතුම්පොළවල් පවත්වාගෙන යාමට අවසර දී නැතිබව එම ආයතන පවසති.
අතුරු ව්‍යවස්ථා වලට අනුකුලව මාර්ග සංවර්ධන අධිකාරිය හෝ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සමග ගිවිසුම් ගතවී නිත්‍යානුකුල ක්‍රියාමාර්ග අනුගමනය කර ගැසට් නොකළ ස්ථානයක ගාස්තු අයකිරීමත් ඒ සදහා ගිවිසුම් ගතවීමත් නිත්‍යානු කුල නොවෙන අතර මුදල් ලබාගැනීමක් සිදුකරන්නෙනම එය අනීතික කටයුත්තකි.
කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මාර්ගයේ නතරකරන වාහනවලින් මුදල් අයකිරීම සදහා එම ස්ථානවල නිත්‍යානුකූල නොවන ආකාරයෙන් මුදල් එක්රැස් කල පුද්ගලයන්ගේ කාර්ය නිත්‍යානුකූල කරමින් ඔවුන්සමග මහා නගර සභාව බදුගිවිසුම් අත්සන්කර ඇත..
බදුකරුවන් සමග අත්සන් කර ඇති ගිවිසුම් වලට අනුව නව උසාවි සංකීර්ණයේ පිහිටා ඇති රථගාල සදහා ගිවිසුමක් අත්සන්කර ඇති අතර එහිසදහන් කරුණු අනුව වැල්ල විදියපාර ආරම්භ වන ස්ථානයේ සිට කෙලින් විදිය ආරම්භ වන ස්ථානය දක්වා මෙම රථ ගාලට අයත් බව සදහන් උවත් එම අනවසර රථගාල ඉදිරිපිට සහ ඒ අවට නවත්වන වාහන වලින්ද ගාස්තු අයකිරීම සිදුවේ.
එමෙන්ම පිටිපන ලේලම අසල අවසරදී ඇති රථ ගාලට අයත්වන ප්‍රදේශය ලෙස නම්කර ඇති ලෙල්ලම මීටර් 50 ක දුරක් පසුකරන ස්ථානයේ සිට දුව හන්දියට ආසන්න ස්ථානය දක්වා මාර්ගයේ වම්පස තීරුව වුවත් විවධ පුද්ගලයන් විසින් මාර්ගය දෙපසම පාලම දක්වා නතර කරන වාහන වලින් මුදල් අයකරනු ලැබේ
කමච්චෝඩ් රථ ගාල සදහා වෙන්කර ඇති ගිව්සුමේ සදහන් සීමාව වන්නේ ධිවර කාර්යාලය අසල සිට පොලට පිවිසෙන ස්ථානය දක්වා පාරේ දකුණු පස කොටස පමණක් බව සදහන් උවත් මාර්ගය දෙපස සහ ඒ අවට මාර්ග වල නතරකරන වාහන වලින් පවා මුදල් අයකිරීම් සිදුකරයි
කිසිදු අයිතියක් නොමැතිව වැල්ලවීදිය දේවස්ථානය නමින් නිකුත්කරන ටිකට් පතක් ලබාදී නව මාළු වෙළද සැල ඉදිරිපිට නගර සභාවට අයත් මාර්ගයේ නතර කරන වාහන සදහා ගාස්තු අයකිරීම ද අනීතික කටයුත්තකී
මහානගර සභාව විසින් 2017.04.12 දින ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ iv (ආ )කොටසේ විවිධ දැන්වීම් යටතේ වාහන ගාල්කිරීමේ ගාස්තු අයකිරීමේ ලේඛනයේ මෙම ස්ථාන කිසිවක් සදහන්ව නොමැති අතර ගැසට් කර ඇති ස්ථාන 12 ක් ඇතත් එම ස්ථානවලින් ගාස්තු අයකිරීම සදහා මෙතෙක් පියවර ගෙන නැත.
මෙම කරුණු අනුව පැහැදිලි වශයෙන්ම මෙම ස්ථානවල නතරකරන වාහනවලින් මුදල් අයකර ගැනීමට කිසිවෙකුට නිත්‍යානුකුල අයිතියක් නොමැත.අතර එම නිත්‍යානුකුල අවසරය ඇතුලත් ලේඛන සන්තකයේ නොමැති පුද්ගලයන් මුදල් ඉල්ලා සිටියහොත් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීමට ජනතාවට අයිතියක් ඇත.
මෙම අනීතික කටයුතු පිලිබදව මහජනතාව විසින් කොතෙක් පැමිණිලි කලත් නගර සභාවේ නිලධාරීන් මෙන්ම ධුරධාරින්ද මේ වා වැළැක්වීම සදහා ක්‍රියාමාර්ග නොගෙන කල්මරමින් සිටිනබව බදුගෙවන ජනතාව පවසති.





