මීගමුවෙදි කොටුවූ චීන්නු 43 ක් රක්ෂිත බන්ධනාගාරයට

මිගමුව සහ දුන්ගාල් පිටිය පොලිස් ස්ථාන මගින් වලංගු විසා නොමැතිව රැදී සිටීම සහ වීසා බලපත්‍ර නීති උල්ලංගණය කරමින්, අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවූ  චීන ජාතිකයන් 43 දෙනකු සහ කාම්බෝජ  ජාතිකයන් දෙදෙනකු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මිගමුව  මුලස්ථාන පොලිසියේ පොලිස් ස්ථානාධිපති තල්වත්ත මහතාට ලද තොරතුරකට අනුව දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති  කාර්තිපන් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින්  27 දින සවස ම්ගමුව ලුවිස් පෙදෙසේ සිදුකල වැටලීමකදී සංචාරක හෝටලයක  රැදී වීසා බලපත්‍ර නීති උල්ලංගණය කරමින්, අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීම හේතුවෙන් චීන ජාතිකයන් 16 දෙනෙකු සහ කාම්බෝජ ජාතිකයන් දෙදෙනකු අත් අඩංගුවට පත්ව තිබේ

මොවුන් සන්තකයේ තිබී පරිගණක ඇතුළු සන්නිවේදන උපකරණ රැසක්ද පොලිසිය බාරයට ගෙන ඇති අතර මොවුන් අප්‍රේල් මස 06 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

27 දිනම දුන්ගාල්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක කාංචන නිලධාරිනියට ලද තොරතුරකට අනුව මිගමුව  තලාහේන ප්‍රදේශයේ නිවසක වලංගු  විසා බලපත්‍ර නොමැතිව තාවකාලිකව රැදිසිටි කාන්තාවන් හතරදෙනෙකුද  ඇතුළුව  චීන ජාතිකයන් 27 දෙනකු  අත්අඩංගුවට ගෙන ඇත

අධිකරණය හමුවට පැමිණවූ මොවුන්  අප්‍රේල් මස 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img