ලක්ෂ 150 ක වත්කමක් කටාන ප්‍රාදේශීය සභාව සතුවන නඩු තීන්දුව හමස් පෙට්ටියේ

කටාන ප්‍රාදේශීය සභාවට අයත් අක්කර පනහ සම්පත් පෙදෙසේ පිහිටි අද වෙළදපොල මිල අනුව ලක්‍ෂ 150 ක් පමණ  වටිනාකමක් ඇති පරචස් 15 වක් විශාල ඉඩම එම ඉඩම හරහා සමුරධිගම ප්‍රදේශවාසින් ගමන්කිරීම සදහා භාවිතා කල කෙටි පාර වසාදමිමේ අරමුණින් අනවසර  තාප්පයක් ඉදිකර ඉඩම් කොටස වෙන්දේසි ඉඩමෙන් බැහැරකර  මෙම ඉඩමේ තාවකාලික නිවාස දෙකක් ගොඩනග පවුල් දෙකක් පදිචි කලේ 2019 වසරේදීය.

ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සහ හිටපු බැංකු සේවකයෙකු ගේ මැදිහත් වීමෙන්  එම ඉඩමේ පදිංචි පුද්ගලයන් පිරිසකගේ කැමැත්ත ලබාගත් නිත්‍යානු කුල නොවූ ලිඛිත ඉල්ලීමක් ලබාගෙන දුප්පතුන් දෙදෙනකුට ඉඩම ලබාදෙන මුවාවෙන්  මෙම අනවසර පදිංචිකිරීම සිදුකල බවට ප්‍රදේශවාසින් අතර එකල කතිකාවතක් පැවතිනි.

මෙම නීතිවිරෝධී කටයුතු සම්බන්ධයෙන් අප දිගින් දිගටම වාරතා කළෙමු එමෙන්ම මේ නීති විරෝධී පදිංචි කිරීම  නිසා වඩාත්ම පිඩාවට පත්වී සිටි යාබද ඉඩමේ පදිංචි ප්‍රභාත් ජනක කුමාර මහතාට දිගු කාලයක්  හුදකලා සටනක් කිරීමට සිදුවිය.

අවසානයේ අකමැත්තෙන් උවත් අනවසර පදිංචිකරු ඉවත්කිරීමට නඩු පැවරීමට  කටාන ප්‍රාදේශීය සභාවට සිදුවිය ඒ අනුව M/42612 අංකය යටතේ පැවරු නඩුවේ තීන්දුව අනුව වගඋත්තරකරු විෂය වස්තුවෙන් නෙරපාහැරීමට අධිකරණය නියෝගකර ඇත.

එහෙත් මෙම නඩුතින්දුව ක්‍රියාත්මක කිරීම හිටපු ධුරධාරින් මෙන්ම නිලධාරින්ද හිතාමතාම මගහැර ඇත. මෙම නඩුතින්දුව ක්‍රියාත්මක නොකර සිටීම පිලිබදව සරව ජනබලයේ ප්‍රාදේශීය සභා සභික ප්‍රවින් චමෝද් මහතා මෙම මස ප්‍රාදේශීය සභවේ මහාසභා රැස්වීමේදී ඩ විමසීමක් කළේය.

අවම වශයෙන් ලක්‍ෂ  150 ක් වටිනා ඉඩම ප්‍රදේශීය සභාවට ලබාගැනීම සදහා අවශ්‍ය නීතිමය බලය කටාන ප්‍රදේශීය සභාවට ලැබී ඇත.

දැන් අවශ්‍යව ඇත්තේ නෙරපීමේ ආඥාවක් ලබාගෙන අනවසර පදිංචිකරු විෂය වස්තුවෙන් ඉවත්කිරීමට අවශ පියවර ගන්නා ලෙස ප්‍රදේශීය සභාවේ සභාපති විසින් නිලධාරින්ට උපදෙස් ලබාදීම පමණි.

එම කටයුතු කඩිනමින් ඉටුවනවාදැයි වගකිවයුතු මාධ්‍යක් වශයෙන් අප නිරන්තර සෝදිසියෙන්

මෙම ඉඩම් පිලිබදව අප පලකල පුවත් කිහිපයක දිගු පහතින් යාකර ඇත

කටාන ප්‍රාදේශීය සභාවේ වත්කම් රැකීමට එජාපය ගෙනා යෝජනාවට -සභාපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර

කටාන ප්‍රාදේශීය සභාවේ ඉඩමක් බලෙන් අල්ලයි -අවුරුදු 19 ක් සමුර්ධිගමට ගියපාර අවහිරකර ගෙවල් හදයි

සභාවේ දේපල කොල්ලකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා -ලේකම් කටාන ප්‍රාදේශීය සභාව

කටාන ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට ආතතිය

කටාන ප්‍රාදේශීය සභාවේ පොදු ඉඩම් විකිණීමේ ජාවාරමක්

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img