ලක්ෂ 78 ක මුදලක් වැයකර මිගමුව මහානගර සභාව විසින් දෙපා ඇලෙහි අවහිරතා ඉවත්කල බව සමාජ මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබී ඇත.
තොරතුරු පනත යටතේ මෙම ඇල පිලිබදව මිගමුව මහානගර සභාවේ තොරතුරු නිලධාරී විසින් 2025.07.21 දින ලබාදී ඇති තොරතුරුවලට අනුව
මිගමුව මහානගර සභාව සතුව ඇළෙහි පළල ගැබුර මෙන්ම ඇල රක්ෂිතයට අයත්වන කොටස ඇතුලත් සැලසුමක් නොමැති බව දැන්ව ඇත
එමෙන්ම නගර සභාව සතුව දෙපා ඇල පිලිබදව ඇති එකම තොරතුර මෙම ඇල මාරගයේ දිග පමණක් බව පමණි. ලබාදී ඇති තොරතුරු වලට අනුව ඇලේ දිග කිලෝමීටර් 6.98 කි.
මෙම ඇල කලින් කලට පිරිසිදූ කරන අතර ඒ සදහා ජනතා බදුමුදල් මිලියන ගණනින් වියදම් කරයි බොහෝ විට සිදුවන්නේ ජලය මත පාවෙන ජපන් ජබර වැනි ජලජ ශාක ඉවත්කිරීම පමණි.
අපට ඇති ගැටලුව වන්නේ ගැබුරක් පළලක් නැති ඇලක් සදහා ඇස්තමේන්තු සකස් කරන්නේ කෙසේද යන කරුණයි.
මෙවැනි ඇස්තමේන්තු වලින් අක්‍රමිකතා සිදුකිරීම ඉතාමත් පහසු බව අපගේ අදහසයි.
එමනිසා ලක්ෂ ගණනින් මහජන මුදල් ව්‍යාපෘති හරහා මංකොල්ල කෑමට ඇති ඉඩකඩ අහුරා දැමීම සදහා හැකි ඉක්මනින් ඇල සහ රක්‍ෂිතය නිවැරදිව සලකුණු කර සිතියම් ගතකිරීමට පෙර කොන්ත්‍රාත් කරුට මුදල් ගෙවීම නතර කිරීමට පියවර ගැනීම කළයුතුව ඇත.







