රුපියල් හය කෝටියකට වැඩි වීදි වටිනාකමක් ඇති ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 06 ග්‍රෑම් 401 ක් ගුවන් මගින් මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය සමාජ මාධ්‍යවේදීන් දෙදෙනෙකු අද(20) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඉන්දුනීසියානු ජාතික සමාජ මාධ්‍යවේදීන් දෙදෙනෙකු වනමොවුන්ගෙන් මාධ්‍යවේදීයා 22 හැවිරිදිවන අතර මාධ්‍යවේදිනිය 30 හැවිරිදිවියේ පසුවෙයි .
තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන ඇති කුෂ් තොගය ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත රැගෙන විත් , එතැන් සිට කටුනායක ගුවන් තොටුපොල වෙත රැගෙන විත් තිබිණි






