‘පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය’ට වසර 7 ක් සපිරෙන අද (21) මිගමුව මාරිස්ටෙලා විදුහලේසිට කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ‘සමිදාණෙනි යුක්තිය හා සත්‍ය වෙත අප ගෙනගිය මැනව’ යන තේමාව යටතේ පාගමනක් පැවැත්විණි.
සවස 5.30 ට පමණ පාගමන ගමන් ආරම්භ කල අතර මෙම අවස්ථාවට මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ඇතුළු පියතුමන් කන්‍යා සොයුරියන් වින්දිතයන් ගේ ඥාතීන් සහ මිගමුව කලාපයේ දේවස්ථාන නියෝජනය කරමින් පැමිණි බැතිමතුන් පිරිසක්ද එක්ව සිටියේය.
පාගමනේ අවස්ථා කිහිපයක් ජායාරුප වලින් දැක්වේ










