පවත්නා අයහපත් කාලගුණ තත්වය සහ මොලේ උන රෝගය ( මෙරින්ජයිටිස්) පිළිබද සැලකිල්ලට ගෙන මෙවර වෙසක් සමය තුලදී සිසිල් බිම දන්සල් සදහා අවසර ලබා නොදීමට කටයුතු කර ඇතිබව මිගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච් ඒ යු කේ .ගුණරත්න මහතා පවසයි.
සංවිධානය කර ඇති සිසිල් බිම දන්සල් සියල්ලම තේ, කෝපි , බෙලිමල් ඇතුළු උණුකරනලද පානයන් ලබාදෙන දන්සල් වශයෙන් පැවත්වීමට දන්සල් සංවිධායකයන් එකගවූ බවත් ඒ අනුව මිගමුව නාගරික බල ප්‍රදේශයේ මෙම වෙසක් සමයේ සිසිල් බීම දන්සැල් නොපැවැත්වෙන බවත් මිගමුව නගරයේ බත් දන්සල් 35 ක් ඇතුළුව දන්සල් 180 ක් සදහා ලියාපදිංචිය ලබාගෙන ඇතිබවත් ගුණරත්න මහතා වැඩි දුරටත් පැවසිය





