නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට ගන්නා ඉඩම්වල අයිතිය  පිලිබදව යලි කතාබහක් ආරම්භවී ඇත ඉඩමේ ප්‍රමාණය පිලිබදව මෙන්ම අයිතිය පිලිබදවද විවිධ අදහස් ඉදිරිපත්වෙමින් තිබේ

අප සතුව ඇති තොරතුරු අනුව 1989 .12.19  දිනෙන් මිගමුව නගරාධිපතිවරයාගේ අත්සනින් ශාන්ත මරියා විදුහලේ විදුහල්පතිවෙත යොමුකරන ලද ලිපියට අනුව නගරසභාවට අයත් කාම්චෝච්ඩේ පිහිටි ක්‍රීඩාපිටිය  වසර 25 ක කාලයකට බදු දීමට නගර සභාව ගනුලැබූ තීරණය අතිගරු ජනාධිපති තුමා විසින් අනුමත කර ඇතිබව දන්වා ඇත

නීතිඥ සහ ප්‍රසිද්ධ නොතාරිස් ලලිත් ප්‍රනාන්දු විසින් ගිවිසුම ඔප්පුව  නමැති ශිරසින් සකස් කලබව සදහන් වන   ලේඛනයට අනුව ක්‍රීඩා පිටිය සදහා ලබාදී ඇති ඉඩමේ ප්‍රමාණය අක්කර 4 ක් සහ පර්චස් 31ක් බව සදහන්වේ.

එමෙන්ම 2023 .12. 06 දාතමින් ක්‍රීඩා පිටියේ ගැටළු  වලක්වා ගැනීමයන සිරසින් නාගරික කොමසාරිස්ගේ අත්සනින්   ප්‍රාදේශීය ලේකම් ඇමතු ලිපිය මගින්ද මෙම ඉඩමේ නෛතික අයිතිය මිගමුව මහා  නගර සභාව සතු බව සදහන් කර තිබේ.

එමෙන්ම 2023.05.21 දිනෙන් බටහිර උතුර පළාත් ජ්‍යෙෂ්ඨ  තක්සේරු කරුවෙත යොමුකර ඇති අංක නා.ඉ.දෙ/3/4/2023 ලිපියේ සදහන් තොරතුරු අනුව මෙම ඉඩමේ ඔප්පු අංකය 703 N සහ ලියා ඇති දිනය 1922/09/30 බවත් සැලසුම් අංකය 341752 ලෙස සහ ඉඩමේ ප්‍රමාණය අක්කර 5 රුඩ් 02 සහ පර්චස් 18.2 ක් බව සදහන් කර ඇත.

මේ තොරතුරු අනුව මෙම ඉඩම 1922 වසරේ සිට  මිගමුව නගර සභාව සතුව තිබෙන ඉඩමක් බව පැහැදිලි සාක්‍ෂි තිබියදී ඉඩමේ අයිතිය පිලිබදව ඍජු තීරණයක් ගැනීමට වත්මන් පාලකයන් සහ නිලධාරීන් කටයුතු නොකරන්නේ මෙම ඉඩමේ අයිතිය නගර සභාවෙන් බැහැර කිරීමට නොපෙනෙන බලවේගයක් ක්‍රියාත්මක වන නිසා දැයි මීගමුවේ බදුගෙවන ජනතාව ප්‍රශ්න කරති

Hot this week

මීගමුවේ සිසිල් බිම දන්සල් වලට තහංචියක් …………….

පවත්නා අයහපත් කාලගුණ තත්වය සහ මොලේ උන රෝගය (...

කදසුරිදුගම කාන්තාවක් හුස්ම හිරකර ඝාතනය කරයි ……

කටාන පොලිස් වසමේ අංක: 216/01, කඳසුරිඳුගම, අක්කරපනහ, මීගමුව ලිපිනයේ...

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවූ බ්‍රිටෝට ස්වීඩන් රජයෙන් සම්මානයක්

ස්වීඩන් රජය මගින් මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවී...

කටානේ සැකකටයුතු මළසිරුරක් -පොලිසියෙන් පරීක්ෂණ

කටාන පොලිස් වසමේ කදසුරිදු ගම ප්‍රදේශයේ නිවෙසක් තුල සැකකටයුතු...

කෝටි 22 ක් වියදම්කල මිගමුව බස් නැවතුම්පොළ කඩාවැටේ ……….

අපවෙත ඇති  තොරතුරුවලට  අනුව මිගමුව බස්නැවතුම්පොළ ඉදිකිරිම සදහා මිලියන...

Topics

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img