තලාහේන පේරුව ප්‍රදේශයේ විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන අඛණ්ඩ විදුලිය කප්පාදුවට එරෙහිව එම ප්‍රදේශයේ ජනතාව සමග අරගල කිරීමට සුදානම් බව පාරලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පවසයි.
මන්ත්‍රීවරයා මෙම අදහස් පලකලේ විදුලිය කප්පාදුවට එරෙහිව ඉදිරිපියවර ගැනීම සදහා කැපුම්ගොඩ, සෙත්තප්පාඩුව, දුංගල්පිටිය, තලාහේන, බසියාවත්ත, අලුත්කූරුව, පිටිපන සහ දූව යන ගම්මාන වල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, සමග පැවති සාකච්චාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.
දිනකට පැයකිහිපය තුන හතර බැගින් සතියකට පැය 28 ක් පමණ පේරුවේ විදුලිය විසන්දි වනබවත් මේ සදහා විදුලිබල මණ්ඩලය දැනුවත් කලත් මෙතෙක් කිසිදු පියවරක් නොගත්බව මෙම සාකච්චාවේදී අනාවරණය විය.
මේ නිසා විදුලි උත්පාදක යන්ත්‍ර (ජෙනරේටර් )නොමැති සංචාරක හෝටල් ධීවරයන් කුඩා ප්‍රමාණයේ ඇගලුම් නිෂ්පාදන කරමාන්ත ශාලා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රදේශයේ ජිවත්වන සමස්ත ජනතාවම මෙම විදුලිය කප්පාදුව හේතුවෙන් දිනපතා පිඩාවට පත්වනබව මෙහිදී අදහස් පලකල ව්‍යාපාරිකයන් පැවසිය.
ප්රවෘත්ති සාකච්චාව පවත්වන්නේ බලධාරීන් දැනුවත් කිරීමට බවත් පවුල් 15000 කට අධික ජනතාවක් ජිවත්වන මෙම ප්‍රදේශයේ දිනකට හතර පස් වතාවක් විදුලිය කැපීමෙන් ජනතාව දිනපතා දැඩි පීඩාවකට ලක්වනවා
මේ අසාධාරණ අක්‍රමවත් විදුලි කප්පාදුව නතරකිරිම සදහා කඩිනමින් පියවර නොගන්නේනම් ජනතාව සමග පාරට බැසීමට සිදුවන බවද මාධ්‍ය හමුවේ අදහස් පලකරමින්ප්රදේශය නියෝජනය කරන දිලිනි ජයකොඩි නාගරික මන්ත්‍රී වරිය (සමගි ජනබල වේගය) ප්‍රකාශ කළේය.





