සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි පාරේ සහ ඒ අවට   නිත්‍යානුකූල අවසරයකින් තොරව    මුදල් එකතු කිරීම.

ඉහත සිරසින් පුරවැසියෙකු විසින් මිගමුව නාගරික කොමසාරිස් වෙත යොමුකල අපවෙතද පිටපතක් ලැබුණු  ලිපියේ සදහන් කරුණු සම්බන්ධයෙන්  නගර සභාව ගෙන ඇති පියවර පිලිබදව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනත අනුව 2026.04.06 දින අප විසින්  තොරතුරු ඉල්ලුම් පතක් ඉදිරිපත් කළෙමු .

එම ඉල්මලුම් පත සදහා  නගර සභාවේ තොරතුරු නිලධාරී විසින්2026.05.26  පිළිතුරක් ලබා දී ඇත.

ලබාදී ඇති පිළිතුර පහත සදහන්වේ

“එම කරුණට අදාළ පාර් ශව  කැදවා ලේඛන පරික්ෂා කල අතර අයිතිය සම්බන්ධ ලේඛන පෙන්වීමට අපොහොසත් වූ බැවින් භුක්තිය අපවෙත ලබාදීමට එකගවුබව මෙයින් දන්වා සිටිමි “යනුවෙන් සදහන් කර ඇත.

තොරතුරු නිලධාරියා විසින් මෙම මුදල් එකතුකරන්නේ වැල්ලවීදිය දේවස්ථානය නමින් බිල්පතක්  නිකුත්කර එහි මීසම් සභාවේද මැදිහත් වීමෙන් බව සදහන් කිරීම හිතාමතාම මගහැර ඇත. ඒ කාටහෝ ඇති බයක් හෝ බැදීමක් නිසා වියහැකිබව අපගේ අදහසයි

අයිතිය සම්බන්ද ලේඛන නොමැතිනම්  බුක්තිය් වහාම ලබාගැනීම කළයුතුව ඇත එමෙන්ම රාජ්‍ය දේපොළ අනිතිකව බුක්ති විදිනලද අයට සහ ඒ සදහා ආධාර අනුබල දුන් අයට එරෙහිව නිතිය ක්‍රියාත්මක කර අනිතිකව එකතුකරගත් මුදල් අයකරගැනීමට කටයුතු කලයුතුය.

වසර 17 ක් තිස්සේ මෙම  රාජ්‍ය දේපල අනිතිකව බුක්ති විදිමින් කෝටි ගණනක් උපයාගත් පිරිස මෙම දේපොළ තවත් වසර තිහක කාලයක් සදහා බ්දුපදනමින් ලබාදෙන   ලිඛිත ඉල්ලීමක් කර ඇත  ඇති බව දැනගන්නට ලැබී ඇත. එමගින් ඔවුන් මෙම දේපොළ අනීතිකව වංචා සහගත ලෙස බුක්ති විදිබව පිළිගැනීමකි

පසුගිය 6 වන සෙනසුරාදා දිනයේද  මුදල් එකතුකර ඇත. අද ජුනිමස 8 වනදාය  මෙම කප්පම් ගැනීම අද දිනයේත්  සිදුවුවහොත්  එය නගර සභාවේ  නිලධාරීන් සහ බලධාරීන්ගේ නොහැකියාව මත සිදුවන්නකි.

ඒ අනුව ඔවුන්ද මෙම කප්පම් සිද්ධියේ චුදිතයන් වීම වැළැක්විය නොහැකි වනු ඇත.

සබැදි පුවත්

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img