මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක් බලයක් නොමැතිව මිගමුව වැල්ලවීදිය දේවස්ථානයේ නමසදහන්  ශාන්ත සෙබස්තියන් මත්ෂ්‍ය වෙළද පොළ නමින් ව්‍යාජ බිල්පතක් නිකුත්කරමින් මුදල්  එකතුකිරිම  කප්පම් ගැනීමක් බවත්  ඒ සදහා නිත්‍යානු කුල පියවර ගැනීමට අවශ්‍ය උපදෙස් නිලධාරීන් වෙත නිකුත්කරන බව ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු වන නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා විසින් අවස්ථා කිහිපයකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

එමන්ම මෙම කරුණ පිලිබදව විමසනු ලැබූ අවස්ථාවල නාගරික කොමසාරිස් විසින්ද ප්‍රකශ කලේ මෙම මුදල් එකතු කිරීම නතර කිරීමට අවශ්‍ය පියවර ගනුලබන බවයි.

නගරාධිපතිවරයා පළමුවරට මේ කප්පම් ගැනීමට එරෙහිව නිත්‍යානුකුල පියවර ගනුලබන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශකලේ  2025 ජුලි මසදීය අදාළ ප්‍රකාශය ඇතුලත් රුප රාමු මේ සමග ඉදිරිපත් කර ඇත.

2026 මැයි මස 21 දිනද නගරාධිපතිවරයා මේ කප්පම් ගැනීම පිලිබදව   ආසන්නතම ප්‍රකාශය  කල අතර එම රුප රාමුද මේ සමග  ඉදිරිපත් කරමු.

මෙම  කප්පම් ගැනීම වැළැක්වීමට නගරාධිපතිවරයාට සහ නාගරික කොමසාරිස් වරියට  සැබෑ උවමනාවක්  ඇත්නම් පහත සදහන් කරන  ඉතාමත් සරල කටයුතු දෙක  එනම

රාජ්‍ය දේපොලක් අවභාවිතා කරමින් සිදුකරන මෙම  කප්පම් ගැනීම පිලිබදව  පොලිසිය වෙත පැමිණිල්ලක් කරන ලෙස විෂය බාර  නිලධාරීන්ට හෝ නිලධාරියාට ලිඛිත නියෝගයක් කිරීම.

මෙම කප්පම් ගැනීම සිදුකරන ස්ථානවල “මෙම ස්ථානයේ නතර කරන වාහන වලින් මුදල් ගැනීම තහනම්” බව දන්වමින් නාගරික කොමසාරිස් ගේ අණ සහිත දැන්වීම් පුවරු ප්‍රදර්ශනය  කිරීමට වහාම පියවර ගැනීම.

මේ සරල කරුණු දෙක වහාම  ඉටුකර  කුමන බලවේගයක් හමුවේ උවද අසාධාරණය සහ අයුක්තිය  ඉදිරියේ  නොනැමෙන කශේරුකාවන්  ඇතිබව වෙනසක් වෙනුවෙන් මලිමාවට ජන්දය දුන් මීගමුවේ බදුගෙවන  ජනතාව ඉදිරියේ ඔප්පු කිරීම   නගරාධිපතිවරයා ගේ සහ ආණ්ඩු පක්ෂයේ සියලු නාගරික මන්ත්‍රීවරුන්ගේ වගකීමකි.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img