මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කර සිටි රැදවියෙකු අද 9 දින අලුයම මියගොස් ඇත
මෙලෙස මියගොස් ඇත්තේ කටුනායක මාදුගග පාරේ පදිංචිව සිටි 36 වියැති බෙන්තරගේ මහේන් අසංක ප්‍රනාන්දු නමැත්තෙකි
.රැදවියාගේ පැවති රෝග ලක්ෂණ අනුව මෙම රෝගය මෙරීන් ජයටීස් රෝගය විය හැකි බවට අනුමානකරන අතර පස්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මරණයට නිශ්චිත හේතුව අනාවරණය වනු ඇති බව වෛද්‍යවරුන් පවසති
එමෙන්ම මිගමුව බන්ධනාගාරය තුලින් මේවනවිට ඩෙංගු රෝගීන් හයදෙනකු වාරතා වී ඇතිබව මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජයන්ත සිරිවර්ධන මහතා පවසයි






