පසුගියදා ඇතිවූ කුණාටු තත්වයට හසුවී මීගමුවේ මෙන්ම අනෙක් පළාත්වල ධීවරයන් ධීවරයන් මියයාම පිලිබදව රජයත් කතෝලික සභාවත් ව්ගකිවයුතුබව සමස්ත ලංකා එක්සත් ධිවර වෘතිය සමිතියේ සහ පිටිපන එක්සත් ධිවර සමිතියේ සභාපති ඇතුළු ධිවර නායකයන් පවසති.
ඔවුන් මේබව ප්‍රකාශකර සිටියේ 2026.08..09 දින මීගමුවේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි කුණාටුවට හසුවූ තොඩුවාවේ ධීවරයෙකුට තවත් ධීවරයකු කර තබාගෙන පැය 35 ක් මුහුදේ පිහිනා ජීවිතය ගලවා ගැනීමට සිදුවුනා මීගමුවේ ධීවරයන් හතර දෙනෙකුට ජීවිතය අහිමිවුණා
සමිතිය විසින් ලෙල්ලම පාලනය කරන කාලයේ ධීවරයන් වෙනුවෙන් එකතුකරපු අරමුදල්වලින් මුදල් ගෙවල ලොකුබෝට්ටු අරගෙන ගිහින් ඔවුන් බේරාගැනීමට කටයුතුක්ලා අද එම හැකියාව අපට නැතිවෙලා
ලෙල්ලම සභාවට ගන්න කතාකරපු ප්‍රභූවරුන් අද නිහඩයි ධීවරයා අසරණයි වාරකන් කලලයේදී ඔවුන් බලාගන්න අපට වැඩපිලිවෙලක් තිබුනා අද ඒවා සියල්ලම නැවතිලා අපී ආණ්ඩුවට සහ සභාවට කියනවා මෙධිවරයන්ට බෝට්ට්ටු දැල් ආම්පන්න ලබාගන්න මියගිය අයගේ පවුල්වට ජිවත් වෙන්න අවශ්‍ය මුදල් ලබාදෙන්න කියල.
එදා ධීවරයන් ගැන හොයාබලන්න හදපු ධිවර සමිති සම්මලනය දකින්නත් නැහැ ධිවර අයිතිවාසිකම් නොලබෙනවනම් අපි ධිවර ජනතාව සමග අවශ්‍ය සටන් මාරග ඉදිරියේදී තීරණය කිරීමට කටයුතු කරනබවද අරුණ රොෂාන්ත මහතා තවදුරටත් පැවසිය.





