ඔක්තෝම්බර් 26 සිදුකල විප්ලවයෙන් මට අවාසියක් උනත් රටට වාසියක් උනා

‘අපේ ආණ්ඩුව පරාජය වෙලා අවුරුදු හතරක් ගියා. ඒ අවුරුදු හතර තුළ රට සංවර්ධනය කරගෙන ආපු වේගය නතර වුණා. වැඩබිමක්ව තිබු රට මුඩු බිමක් බවට පත් වුණා. ඒක නිසාම ආර්ථිකය කඩා වැටුනා. 2018 වසර අවසානයේ සාදා නිම කිරීමට තිබු කොළඹ – නුවර අධිවේගී මාර්ගය හා අනෙකුත් සංවර්ධන කටයුතු අඩාල වුණා’  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් නීතිඥ සංගමය පිහිට වු අවස්ථාවට එක් වෙමින් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ගරු මහින්ද රාජපක්ෂ මහතා ‘සංවර්ධනය අඩාලවීම නිසා මිනිසුන්ගේ අතේ සල්ලි නැති වුණා. ඒක ව්‍යාපාර සියල්ලටම බලපෑවා. ව්‍යාපාර කඩා වැටුනා. දැන් සමහර UNPට සම්බන්ධ ව්‍යාපාරිකයින් මම හමු උනාම අහනවා කවද ද ආණ්ඩුවක් පිහිටුවන්නේ කියලා. මම ඔවුන්ගෙන් ඇහුවම ඔයාලා ආණ්ඩුවක් පිහිටෙව්වානේ කියලා එයාලා කියනවා ඒකේ විපාක දැන් තමයි තේරෙන්නේ කියලා. ව්‍යාපාර කඩා වැටීම තුළින් රටේ ආර්ථිකය කඩා වැටුණා. ණය ගැන කථාකරමින් ණය ගන්න පටන් ගත්තා. මම ණය අරගෙන වරාය හැදුවා. එය හැදුවේ අපේ පාලනය යටතේ තියාගෙන අනෙක්  අයට පාවිච්චියට දීමට. නමුත් අවසානයේ එය චීනයට විකුණා දැම්මා. දැන් මත්තල ගුවන්තොටුපලත් ඉන්දියාවට විකුණන්න හදනවා. මේ විදියට සෑම සම්පතක්ම විකුණාගෙන ගියාම රටට මොනවද ඉතිරි වෙන්නේ. අනාගතයේ ඉපදෙන ඉන්න දරුවන්ට අයිති දේවල් තමයි  අවුරුදු පහකට බලය අරගෙන විකුණාගෙන යන්නේ.

ඔක්තොම්බර් 26 වැනිදා ජනාධිපතිවරයා අපට අගමැතිකම භාරගන්න කිව්වා. අපි එය භාර ගත්තා. හුඟක් අය කියනවා ඒක මම කරපු වරදක් කියලා. දේශපාලනික වශයෙන් එය මට හානියක් වෙන්න පුළුවන්. එමඟින් ආණ්ඩුවේ 2/3 බලය නැති වුණා. ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට තිබු අවස්ථාව නැති වුණා. එමඟින් රටට සෙතක් වුණා. ජනාධිපතිවරයා විපක්ෂය සමඟ වැඩ කරන්න පටන් ගත්තා.

මේ ආණ්ඩුව කරගෙන යන ජනතා විරෝධි වැඩ ගැන අපි අමුතුවෙන් කිව යුතු නැහැ. අපේ ආණ්ඩුව අය කළා වගේ දෙගුණයක් බදු ජනතාවගෙන් අය කරගෙන ආදායම වැඩි වුණාලු.

නීතියේ ආධිපත්‍ය ගැන එදා කථා කළා. නමුත් නීතියට අද මොකද වෙලා තියෙන්නේ. නීතිය වල් වැදිලා. අවුරුදු 04ක් තිස්සේ පලිගන්නවා. අලුත් අධිකරණ පිහිටෙව්වා. තෝරාගත්ත මිනිසුන්ට විරුද්ධව නඩු පැවරුවා. ඇමතිවරුන් නීතිපතිට කථාකර නඩු පවරනවා. FCID එකට ගෙන නොගිය කෙනෙක් විපක්ෂයේ නැහැ. නීති විරෝධි ලෙස FCID එක හදලා නීති විරෝධි ලෙස නඩු පවරමින් යනවා. අද FCID එකටත් චෝදනා තියෙනවා. සෑම දෙයක්ම රාජපක්ෂවරුන් පිට පැවරීමටයි කටයුතු කරන්නේ. පිළිගන්න බැරි විදියට බොරු චෝදනා එල්ල කරනවා. අපට හොරු හොරු කිව්වා.  ඩොලර් බිලියන 18ක් මගේ ලඟ තියෙනවා කිව්වා. බොරුව නිතරම කියනකොට ජනතාවත් එය විශ්වාස කරන තත්වයට පත්වෙනවා.

මහ බැංකු වංචාව අද යට ගිහින්. ඒ ගැන පරීක්ෂණ ඇනහිටලා. ජනතාවට දැන් එය අමතක වෙලා. දුෂණය ගැන කථාකරමින් තමන්ම හොරකම් කරන පිට්පොකට් ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා. ඒ නිසා රට ගොඩ නගන්න පුළුවන් රට ගොඩ නගපු රජයක් බිහිකිරීමට කාලය එළඹ ඇති බවද ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා එහිදී පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කනක හේරත්, තාරක බාලසුරිය, පොදුජන එක්සත් පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරීස්, එහි ලේකම් නිතිඥ සාගර කාරියවසම්  යන මහත්වරුන්ද එක්වූහ.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img