ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයත් නවසන්ධනයට – රනිල් එන්නේ බුලත් කොලෙන් ?……

-

මෙරට දේශපාලන ඉතිහාසයේ කිසිදිනක බිහිනොවූ පුළුල්ම දේශපාලන සංධානයේ ප්‍රථම ප්‍රසිද්ධ ජනහමුව මෙම මස 27 වනදා ජාඇල නගරයේදී පවත්වනබවත් මෙම මස අවසන්වීමට පෙර ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය සමග නිලවශයෙන් සංධානගතවීමේ කටයුතු සිදුවීමට නියමිත බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසිය.

මිගමුව සහ කටාන ආසනයේ  දේශපාලන හිතවතුන් පිරිසක් සමග 13 දින සවස මිගමුව නගරශාලාවේ පැවති හමුවකදී  මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල නිමල් ලාන්සා මහතා විවිධ දේශපාලන පක්ෂවලින් තරගකර පසුව ස්වධිනාවූ මන්ත්‍රීවරු 71 දෙනකු පාර්ලිමේන්තුවේ සිටිනබවත් එම මන්ත්‍රීවරුන්ගෙන් වැඩිපිරිසක්  නව සන්ධානය සමග එකතුවීමට නියමිතව ඇතිබවද ප්‍රකාශ කළේය.

එමෙන්ම නව සංධානය සියලුම දේශපාලන පක්‍ෂ සමග සංධානගතවීම සදහා සාකච්චා පවත්වමින් සිටිනබවද මෙම සන්ධානය පිහිටවනු ලබන්නේ පුද්ගලයෙකු හෝ පක්ෂයක් ජයග්‍රහණය කිරීමට නොව රටසහ රටට අවශ්‍ය ප්‍රතිපත්ති ජයග්‍රහණය කරවීමට බවද වැඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාවට අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාද එක්ව සිටියේය.

නව සන්ධානයේ සලකුණ බොහෝවිට පුටුව හෝ බුලත්කොළය වීමට ඉඩ ඇතිබවද දැනගන්නට ඇත.මෙම සන්ධානය  ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන බවද වාර්තාවේ.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here