විවෘත පාපැදි තරගයක් ජයග්‍රාහකයන්ට ලක්‍ෂ හතරක මුදල් ත්‍යාග

-

මුදලින් ලක්ෂ හතරක ත්‍යාග පිරිනමන ශ්‍රීලංකා පාපැදි සම්මේලනයේ පුර්ණ අධික්ෂණය යටතේ කටාන උලුඅම්බලම වත්ත ෆ්‍රෙන්ඩ්ස් ක්‍රීඩා සමාජය සංවිධනය කරන විවෘත්ත රේසින් පාපැදි තරගය ට 6 වන ඉරිදා උදෑසන 9.00 ට පෙර  පැමිණ ලියාපදිංචි වන්නැයි තරග සංවිධායකයන් පාපැදි ධාවකයන්ට දැනුම්දෙති .

කුසලානය සහතික පත සමග  මුදලින් රුපියල් 75000 ක් පළමු ස්ථානයට දෙවන ස්ථානයට 60000 ක් සහ තෙවන ස්ථානයටරුපියල්  50000 ත්‍යාගයක් සහ සැනසිලි ත්‍යාග 27 ක්  ජයග්‍රාහකයන් අතර බෙදාදෙන බවද සංවිධායකයන් පවසයි.

කිලෝමිටර 160 ක පමණ දුරක් ගමන්කරන මෙම පාපැදි තරගය කටාන අක්කරප්නහ උලුඅම්බලම දේවස්ථානය අසළින් 6 වන ඉරිදා උදැසන 0900 ට ආරම්භ වීමට නියමිතය

තරගය පිළිබද වැඩි දුර විස්තර  අංක 0766388842 දුරකතනයෙන් ලබාගත හැකිය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here