ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තුන්වන තරගය (Qualifier 2) B-Love Kandy සහ Galle Titans කණ්ඩායම් අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් B-Love Kandy කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 157 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී B-Love Kandy කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු 48 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 38 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී Galle Titans කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර හා සොනාල් දිනූෂ කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව Galle Titans කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 158 ක්.
ලකුණු පුවරුව පහතින්.
