විශ්වාස භංගයට විරුද්ද වීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කෝටි ගණන්වලටමිලදී ගත් බව ඇමති දයාසිරි ජයසේකර මහතා

අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාස භංගයට විරුද්ද වීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කෝටි ගණන්වලටමිලදී ගත් බව ඇමති දයාසිරි ජයසේකර මහතා කියා සිටී.

ඉරිදා මවුබිම පුවත්පත සමග ඇමතිවරයා අදහස් පල කර ඇත්තේ මෙසේය.

විමල් වීරවංශ මන්ත්‍රිතුමා මොණර කොළ ගැන කතා කළා. මුදල් ලබාදී මන්ත්‍රිවරුන්ව ඩැහැගත්ත බව කිව්වා. ඔබත් ඉන්නේ ඒ මතයේද?

සහතිකවම අපිත් ඒ මතයේ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අපි ළඟ මුදල් අරගෙන තමන්ගේ මතය වෙනස් කරගත්ත මන්ත්‍රිවරුන්ගේ නම් තිබෙනවා. ලබාගත් මුදල ගැන අප දන්නවා.

ඉතිං ඒ ගැන රටට කියන්නේ නැත්තේ ඇයි?

අවශ්‍ය වෙලාවට කියන්නම්. පැහැදිලිව ඒ සාක්ෂි අප සතුව තිබෙනවා.

ලොකුම ගාණ කීයද?

කෝටි 4-5වගේ ගණන් ඒ අතර තිබෙනවා. කෝටියක් ගත්ත මන්ත්‍රි කෙනෙක් මට ඒ ගැන කිව්වා. ණය තුරුස් ටිකක් බේරගන්න ඒක උපකාරි වුණා කිව්වා.

කවුද මේ වගේ සල්ලි දෙන්න ඉදිරිපත් වුණ අය. ව්‍යාපාරිකයෝද?

මම දන්නේ නැහැ. නමුත් හොයනවා. සමහර විට බැඳුම්කර කට්ටිය ඉන්නත් පුළුවන්.

ශ්‍රීලනිප පාර්ශ්වය නියෝජනය කරන පිරිසකුත් විශ්වාසභංගය පරදවන්න අනියමාර්ථයෙන් උදවු කළා. ඒ අයත් සල්ලි ගත්තද?

ඒ ගැන කියන්න මම හරියටම දන්නේ නැහැ. හැබැයි අපේ අයට ඇමැතිකම් පිළිබඳ ප්‍රශ්න තිබුණා. මේ විශ්වාසභංගයට උදවු කරලා ඇමැතිකම් දරන්නේ කොහොමද කියලා ඔවුන් ප්‍රශ්න කළා. ඒ වගේම විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නැඟුණු චෝදනා සම්බන්ධයෙන් ඔවුන් යහපත් ස්ථාවරයක සිටිනවා. ඒ ඇමැතිවරු මේ මගඩි අනුමත කරන්නේ නැහැ.

– mawbima

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img