යාල අභය භූමියේ වනසතුන්ගේ අයිතිය සෆාරි ජීප් හිමියන්ට ලියදුන්නේ කවුද ?

ලියාපදිංචි කළ සෆාරි ජීප් රථ පමණක් යාල ජාතික වනෝද්‍යානය තුළට ඇතුළු කර ගන්නා ලෙස එම වනෝද්‍යානයේ සෆාරි ජීප් රථ සංගමය ඉල්ලා සිටියි.

මේ වනවිට යාල වනෝද්‍යානය අවට සෆාරි ජීප් රථ 1,200 පමණ තිබෙන බව පවසන එම සංගමයේ සභාපති පීඩී කීර්ති ජීප් රථ 600 පමණ තොරතුරු දැනටමත් වනජීවී දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති බවත් සඳහන් කරයි.

කෙසේ නමුත් ලියාපදිංචි කළ සෆාරි රථ පමණක් යාල වනෝද්‍යානයට ඇතුළු කර ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට ප්‍රදේශයේ දේශපාලනඥකුගෙන් බාධා එල්ලවන බව ඔහු පෙන්වා දෙයි.

මේ අතර යාල ජාතික උද්‍යානය තුළට පිසෙන සෆාරි ජීප් රථවලට ඇතුළු සියලුම රථවාහන සඳහා වේග සීමා සහ නීති මාලාවක් හඳුන්වා දී තිබේ.

සංචාරකයන් කුල්මත් කිරීම සඳහා ඇතැම් සෆාරි ජීප් රථ රියදුරන් ඉහත කී නීතිරීති උල්ලංඝනය කිරීම සහ සීමාවකින් තොරව ජීප් රථ එහි ඇතුළුවීම තුළ වන සතුන්ගේ චර්යා රටාවන්ට බාධා එල්ල වී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.

අභය භූමියක් තුළ 'එක සෆාරි ජීප් හිමියන්ට, දෙක සතුන්ට'

ඉහත කී තත්ත්වය පාලන කිරීම සදහා 2017 ඔක්තෝම්බර් 23 වෙනිදා සිට යාල ජාතික උද්‍යානය තුළට දිනකට ඇතුල්වන රථවාහන සංඛ්‍යාව 300 ක් දක්වා සිමා කිරීමට රජය කටයුතු කළේය.

එම පියවර සඳහා සෆාරි ජීප් රථ හිමියන්ගෙන් මෙන්ම රියදුරන්ගෙන් ද විරෝධය එල්ල විය.

කෙසේ නමුත් වර්තමානයේ යාල වනෝද්‍යානය වෙත පිවිසෙන සෆාරි ජීප් රථ සංඛ්‍යාව යළි 600 දක්වා ඉහළ නංවා ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.

ඒ අනුව දිනකට යාල පලටුපාන පිවිසුමෙන් ජීප් රථ 500 ක් හා කටගමුව පිවිසුමෙන් ජීප් රථ 100 ක් ඇතුළුවීමට මේ වනවිට අවසර දී තිබෙන බව යාල උද්‍යාන භාර කරු ඩීපී සියාසිංහ තහවුරු කළේය.

යාල ජාතික උද්‍යානය වෙත පැමිණෙන සංචාරකයින් බොහොමයක් ඒ වෙත පැමිණෙන්නේ දිවියන් දැක බලා ගැනීමට වුවත් ශ්‍රී ලංකාව තුළ දැකිය හැකි බොහොමයක් වන සතුන් එහිදී දක්නට ලැබීම ඒ වෙත සංචාරකයන් ආකර්ෂණය වීමට හේතු වී තිබේ.

යාල සෆාරි

පසුගිය යුද සමයේ යාල වනෝද්‍යානය වෙත පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාත්මක වශයෙන් අඩු වූ අතර එවක සංචාරිකයින් රැගෙන යන සෆාරි ජීප් රථ දක්නට ලැබුනේ 125 කටත් අඩුවෙන් බව සෆාරි ජීප් රථ හිමියන්ගේ සංගමයේ සභාපති පීඩී කීර්ති සඳහන් කළේය.

”ඇත්තටම අද වනවිට යාල සෆාරි ජීප් රථ සංඛ්‍යාව වැඩි. අපි මේ නිසා නිතරම රජයෙන් ඉල්ලා සිටියා මෙම ජීප් රථ සීමා කරන්න කියලා. නමුත් රජය එය නිසි අයුරින් ක්‍රියාත්මක නොකළ බැවින් යාල තුළ මෙම තත්ත්වය උද්ගත වී තිබෙනවා.”

”යාලදී සතෙක් දුටු විට තත්පර ගානකින් ඒ සතාව ජීප්වලින් වටකර ගන්නවා. ඒ සතාගේ නිදහසට බාධා ඇතිවෙන ආකාරයෙන් ඒක කරන්නේ දුරකතන මගින්. සතෙක් දැක්ක ගමන් අනෙක් අයට දුරකතන මගින් කතා කරලා සතා ඉන්න තැන කියනවා. එතකොට තමයි මේ ප්‍රශ්නය වැඩි වෙන්න. අපි මෙහි තිබෙන දුරකතන කුලුන ඉවත් කරන්න කියලත් ඉල්ලීමක් කළා,” සභාපතිවරයා පැවසීය.

“ඒවාට බලධාරීන් ක්‍රියාත්මක වන්නේ නැහැ. නමුත් හැමෝම දොස් කියන්නේ ජීප් රථ වලට පමණයි. කිසිකෙනෙක් දන්නේ නැහැ ජීප් රථ සංගමයෙන් මෙවැනි ඉල්ලීම් කරන බව. ජීප් රථ සීමා කරන්න කියලා අපි මේ වනවිට ස්වයං වාරණයක් පනවා තිබෙනවා,” යනුවෙන් යාල සෆාරි ජීප් රථ සංගමයේ සභාපති පීඩී කීර්ති වැඩිදුරටත් සඳහන් කළේය.

“රියදුරන්ට පුහුණුවක් අවශ්‍යයි”

යාල සෆාරි

”නුපුහුණු රියදුරන් මේ සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා යාල වන සතුන්ට යම් යම් බාධා එල්ල වෙනවා. ඒ වගේම හැමදෙනාටම සතුන්ගේ චර්යාවන් පිළිබඳ පුහුණුවක් අවශ්‍යයි.”

පසුගිය කාලය පුරාවට යාල වනෝද්‍යානය තුළ ඇතිවූ ව්‍යාකූල තත්වයන් තුළ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන සෆාරි ජීප් රථ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා යාල වනෝද්‍යානය තුළ මුර සංචාර ක්‍රියාත්මක වන බව යාල ජාතික උද්‍යානයේ භාරකරු ඩීපී සියාසිංහ පැවසීය.

”යාල වන සතුන් බොහොමයක් මේ වනවිට මිනිසුන්හට හුරු වී තිබෙනවා. යාල විලපනවා ප්‍රදේශයේ මෙන්ම ඌරනිය යන ප්‍රදේශ වල මේ ආකාරයට මිනිසුන්හට හුරු වූ වලහෙක් ඉන්නවා වයස අවුරුදු අටක පමණ. මේ සතා ජීප් රථ ළඟටම එනවා. ජීප් රථත් ඒ සතා ළඟටම යනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

විද්‍යාත්මක ක්‍රමයක්

ලොව තිබෙන සෙසු වනෝද්‍යාන හා සැසඳීමේ දී ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යානවල ප්‍රමාණය ඉතා කුඩා බැවින් ඒ තුළට ඇතුළුවන ජීප් රථ සීමා කිරීම විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව සිදුකළ යුතු බව පරිසර සංරක්ෂණ භාරයේ සභාපති සජීව චාමිකර පෙන්වා දෙයි.

පසුගිය කාලය තුළ යාල වනෝද්‍යානය වෙත ඇතුළුවන ජීප් රථ සීමා කළ ද එවැනි කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයක් එහි නොවූ බව ඔහු සඳහන් කළේය.

”විශේෂයෙන් ලංකාව වැනි කුඩා රටක තිබෙන ජාතික උද්‍යාන කුඩා වුවත් ඒවායේ විශාල ජෛව විවිදත්වයක් තිබෙනවා. එබැවින් ඒ තුළට වාහන ඇතුළු කිරීමේදී එහි සිටින සතුන්ගේ ක්‍රියාකාරකම් සඳහා බාධා ඇති නොවන අයුරින් දවසේ නියමිත කාල පරාසයන් තුළ වාහන සීමා කළ යුතුයි.”

“නිදසුනක් ලෙස උදේ කාලයේ තමයි සතුන්ගේ චර්යා රටාවන්හි ක්‍රියාකාරකම් වැඩි. දවල් වනවිට එය අඩු වෙනවා. ඒ අනුව උදේ කාලයේ වාහන සීමා කරලා දවල් කාලයේ ඊට සාපේක්ෂව වැඩි වුණාට කමක් නැහැ. නමුත් එසේ ඇතුළු කරන වාහන අතර යම් දුර ප්‍රමාණයක් අනුව ඇතුළු කළ යුතුයි,” යනුවෙන් පරිසරවේදී සජීව චාමිකර කියා සිටියේය.

“සතුන්ට ලෙඩරෝග”

“උද්‍යාන තුළට ඇතුළුවන රථවාහන සංඛ්‍යාව වැඩි වීම නිසා වන සතුන් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වෙනවා. විශේෂයෙන්ම වාහන දුම මෙන්ම දුවිලි නිසා සතුන් ශ්වසන රෝගයට ගොදුරු වී ඇති අවස්ථා වාර්තා වෙනවා. වාහන වැඩි වීම තුළ සතුන්ගේ සියලු චර්යා රටවාන් වෙනස් වීම සිදු වෙනවා.”

ජාතික උද්‍යාන ආරම්භ කිරීමට මුලික වශයෙන් හේතු වී ඇත්තේ සතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වුවත් වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත පවා උල්ලංඝනය කරමින් ජාතික වනෝද්‍යාන වැඩි පුරම භාවිත කරන්නේ වාණිජ කටයුතු සඳහා පමණක් බව පරිසරවේදී සජීව චාමිකර වැඩිදුරටත් සඳහන් කළේය.

BBC SINHALA

 

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img