දරුවෙක් බේරාගත් මාලි ජාතික ‘ස්පයිඩර් මෑන්’ට ප්‍රංශ පුරවැසිභාවය

පැරිස් අගනුවර ගොඩනැගිල්ලක හතර වන තට්ටුවේ සිට පහතට වැටෙන කුඩා දරුවෙකු බේරා ගත් සංක්‍රමණිකයෙකුට පුරවැසිභාවය ලබාදීමට ප්‍රංශ ආණ්ඩුව තීරණය කර තිබේ.

දරුවා බේරාගත් Mamoudou Gassama නම් මාලි ජාතික සංක්‍රමණිකයා වීරයෙකු ලෙස රට තුළ දැඩි ප්‍රසංශාවට ලක්වෙමින් සිටී.

ඔහු දරුවා බේරා ගන්නා වීඩියෝව සමාජ මාධ්‍ය ජාල තුළ විශාල වශයෙන් සංසරණය වෙමින් පවතී.

සඳලුතලයේ එල්ලී සිටි දරුවා බේරා ගැනීමට අසල්වැසියෙකු උත්සාහ කරමින් සිටිද්දී Mamoudou Gassama මිනිත්තුවකට අඩු කාලයක දී පහළ මාලයේ සිට සඳළුතලවලින් පැන සිව් වන මහලට ගොස් දරුවා බේරා ගත්තේය.

ඔහු සිව් හැවිදිරි දරුවා බේරාගත් අවස්ථාවේ රැස්ව සිටි පිරිස ප්‍රීති ඝෝෂා නගන ආකාරය වීඩියෝ පටයේ සටහන් වී තිබේ.

මානුඑල් මැක්‍රෝන් ඔහුට පෞද්ගලිකව ස්තුති කළේය.

Paris HeroImage copyrightREUTERS
Image captionMamoudou Gassama එල්සී මාලිගාවට කැඳවූ ජනාධිපති එමානුඑල් මැක්‍රෝන් ඔහුට පෞද්ගලිකව ස්තුති කළේය

එහිදී Mamoudou Gassamaට ස්තුති කොට පදක්කමක් ද පිරි නැමූ ජනාධිපතිවරයා ඔහුට ප්‍රංශ පුරවැසිභාවය ලබා දෙන බව ද නිවේදනය කළේය.

පසුගිය සෙනසුරාදා සවස පැරීසියේ උතුරු ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ල අසලින් ඇවිද යන විට ඒ අවට පිරිස් රැස් වී සිටිනු දක්නට ලැබුණු බව Mamoudou Gassama පැවසීය.

දරුවා සඳලුතලයේ සිට පහතට එල්ලෙමින් සිටින විට “මම කිසි දෙයක් සිතුවේ නැහැ, මම ඔහු බේරාගත්තා” යැයි ඔහු ජනාධිපති මැක්‍රෝන්ට පැවසීය.

“මම දෑතින් ඔහු උස්සා ගනිද්දී, ඔහුට කතා කර ඇසුවා: ‘ඇයි ඔබ මෙහෙම කළේ?’ කියලා. හැබැයි ඔහු පිළිතුරු දුන්නේ නැහැ.”

පැරිසියේ ගිනි නිවන භටයන් එම ස්ථානයට පැමිණෙන විට මාලි ජාතික සංක්‍රමණිකයා විසින් දරුවා බේරාගනු ලැබ තිබුණි.

Hero in FranceImage copyrightAFP

“වාසනාවට ශරීර ශක්තිය තිබෙන ධෛර්යමත් පුද්ගලයෙක් එම ස්ථානයේ ඉඳලා දරුවා බේරා ගත්තේ,” ගිනි නිවන භටයන්ගේ ප්‍රකාශකයෙක් AFP පුවත් සේවයට පැවසීය.

සිද්ධිය වන අවස්ථාවේ දරුවාගේ දෙමාපියන් නිවසේ සිට නොමැති බව ප්‍රදේශයේ බලධාරීන් පැවසූහ.

ඒ අවස්ථාවේ දරුවා නිවසේ තනිව සිටීම පිළිබඳ ඔහුගේ පියාගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කර ඇත. මව ඒ වන විට පැරිස් නගරයෙන් බැහැරව සිටි බව විශ්වාස කෙරේ.

පැරිස් නගරාධිපතිනිය වන ඈන් හිදල්ගෝ ද විසි දෙහැවිදිරි Mamoudou Gassamaගේ ක්‍රියාව අගයමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ. ඇය ඔහුට පෞද්ගලික දුරකථන ඇමතුමක් ලබා දී ස්තුති කිරීමට ද කටයුතු කර තිබුණි.

Mamoudou Gassama “2018 ස්පයිඩර් මෑන්” ලෙසින් හඳුවන්වන නගරාධිපතිනිය ඔහු “සියලු පුරවැසියන්ට ආදර්ශයක්” බවත් සිය පණිවුඩයේ සඳහන් කරන්නීය.

BBCSINHALA

Hot this week

මීගමුවේ මාලිමා පාලනයට වසරයි – නගරසභා දේපොළ තවමත් කොල්ලකරුවන් අතේ

ජාතික ජනබලවේගය මිගමුව මහානගර සභාවේ බලය ලබාගෙන වසරක් ගතවී...

ඉබ්‍රාහිම් නානගේ සම්බන්ධයක් තියෙනවා බ්‍රිටෝ – අනවශ්‍ය බලපෑම් එපා වින්දිතයන්

කටුවාපිටිය දෙවාස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු...

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

Topics

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img