ශ්‍රී ලංකා ගුවන් හමුදාව පළමුවරට ගුවන් නියමුවරියන් බඳවා ගනී

Image caption(වමේ සිට) පවිත්‍රා ලක්ෂානි ගුණරත්න, ජයනි තත්සරණි හේවාවිතාරණ, රංගනා තත්සරණි වීරවර්ධන සහ පියුමි නිමල්කි ජයරත්න

කලක් තොටිල්ලට පමණක් සීමා වුනු කාන්තා දෑතේ සවිය අද වනවිට සීමා බිඳ බොහෝ දුර ගොස් ඇත.

කාන්තා සම අයිතීන් අතින් ශ්‍රී ලංකාව ද එම කඩයිම පසුකරමින් සිටී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පළමු වරට ගුවන් නියමුවරියන් බඳවා ගනු ලැබ ඇත්තේ ද එහි එක් පියවරක් වශයෙනි.

අවි දරා සැතපුම් ගණනාවක් ඇවිද යමින් දුෂ්කර හමුදා පුහුණුවක් ලද ජයනි තත්සරණි හේවාවිතාරණ, පවිත්‍රා ලක්ෂානි ගුණරත්න, පියුමි නිමල්කි ජයරත්න සහ රංගනා තත්සරණි වීරවර්ධනගේ අවසන් ඉලක්කය ගුවන් ගැබ ජය ගැනීමය.

ආධුනික නියමුවරියන් වන ඔවුන් අඹර ජයගත් පළමු කාන්තා නියමු කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයට එක්වනු ඇත.

ගුවන් ගැබට යන දියණියෝ

නියමුවරියන් සිව් දෙනා දැනට ත්‍රිකුණාමලය චීන වාරය ගුවන් හමුදා විද්‍යා පීඨ පරිශ්‍රයේ පිහිටා ඇති අංක 01 පියාසර පුහුණු පක්ෂාංග ඒකකයේ පුහුණුව ලබති.

පුහුණුව අවසානයේ ලොව ගුවන් හමුදා නියමුවරියන් සහිත රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන පරිදි ගුවන් නියමුවරියන් බඳවා ගැනීම අතින් දකුණු ආසියානු කලාපයේ සෙසු රටවල් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටී.

“ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශ යන රටවල් තුනේම ගුවන් නියමුවරියන් මේ වන විටත් බඳවා ගෙන තිබෙනවා. නමුත් අපේ රටේ තිබුණු යුදමය වාතාවරණය නිසා නියමුවරියන් ඒ කාලයේ බඳවා ගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ,” අංක 01 පියාසර පුහුණු පක්ෂාංග ඒකකයේ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් පූජන ගුණතිලක බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

ගුවන් නියමුවරියන් හැරුණු කොට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෙසු වෘත්තීන් තුළ කාන්තාවන් සේවය කරන බව ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පළමුවරට ගුවන් නියමුවරියන් බඳවා ගනීImage copyrightSLAF

ගුවන් නියමුවරියන් සිව් දෙනා අධිකාරිය ලබන තුරු වසර තුනක පමණ පුහුණුවක් ලැබිය යුතුය.

පළමු වසර එකහමාර තුළ නියමුවරියන් සටන් පුහුණු ඇතුළු ඒ හා සම්බන්ධ කටයුතුවල නිරතවන බව කී වින්ග් කමාන්ඩර් පූජන ගුණතිලක ඉතිරි අවුරුදු එකහමාර පියාසර පුහුණුව සඳහා වෙන් කෙරෙන බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන පරිදි පියාසර පුහුණු කාලය තුළ:

  • පළමු මාස 06 – පියාසරිය සම්බන්ධ න්‍යායික දැනුම ලබා දීම
  • පසු අවුරුද්ද – මුලික පියාසර පුහුණුව සහ උසස් පියාසර පුහුණුව ලබා දීම

බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ආධුනික ගුවන් නියමුවරියන් සිව් දෙනා පැවසුවේ තමන් හමුවේ පවතින බාධක ජයගෙන කාන්තාවන් ඉදිරියට යා යුතු බවය.

“ලොකු අභියෝගයක් මේක. ඒ අභියෝගය භාර ගැනීමේ අදහසින් තමයි මම මේ රැකියාව තෝරාගත්තේ, මම කියන්න කැමති රටේ ඉන්න අනෙක් සියලුම තරුණියන්ට අභියෝගය භාර ගන්න ඕනි, තමන්ට ඒ දේ කරන්න පුළුවන් බව පෙන්විය යුතුයි” යනුවෙන් රංගනා තත්සරණි වීරවර්ධන පැවසුවාය.

බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පවිත්‍රා ලක්ෂානි ගුණරත්න කියා සිටියේ, “ගුවන් නියමුවරියක් වෙන්න පොඩි කාලේ සිට ආශාවක් තිබුණා. හමුදාව කිව්වම ගැහැණු ළමුන්ට ගෙවල්වලින් බැඳෙන්න දෙන්නේ නැහැ. කාන්තාවක් නිසා කරගන්න බැරි වෙයි කියලා ඒ අය බයයි. පුරුෂයන් වුනත් සිතන්න ඕනි තමන්ට වගේම කාන්තාවන්ටත් නිසි තැන ලැබිය යුතුයි කියලා,” යනුවෙනි.

මට පෙර තමන් සිව් දෙනා මාස හයක සටන් පුහුණුවක් ලැබූ බව කී පියුමි නිමල්කි ජයරත්න, “ඒ වගේම ගුවන් යානයක් පදවනවා කියන්නේ ලොකු වගකීමක් තිබෙන රැකියාවක්. ප්‍රවාහන (Transport) නියමුවෙක් වුනොත් ජීවිත ගණනාවක වගකීම තිබෙන්නේ අපේ අතේ,” යනුවෙනි.

පුරුෂයන්ට සාපේක්ෂව කාන්තාවන්ට කළ හැකි කාර්යයන් සීමා සහිත බවට සමාජයේ මතයක් පවතින බව කී ජයනි තත්සරණි හේවාපතිරණ, ” ගොඩක් දුර ඉලක්කයක් තබා ගත්තොත් මට මේ දේ කරන්න අවශ්‍යයි, මේ දේ පුළුවන් කියලා සිටිය යුතුයි, ඒ වෙනුවෙන් අපි සිහින දැකිය යුතුයි,” යනුවෙන් සඳහන් කළාය.

ගුවන් ගැබ ජයගන්නා ශ්‍රී ලාංකික දියණියෝImage copyrightSLAF

ආධුනික නියමුවරියන් කණ්ඩායම ඉදිරි දිනවලදී පුහුණුවක් සඳහා ඉන්දියාව බලා යාමට නියමිතය.

පාඨමාලාව අවසානයේ ප්‍රහාරක, ප්‍රවාහන සහ හෙලිකොප්ටර් යානා සඳහා ඔවුන් තෝරා ගනු ලැබීමට නියමිතය.

BBCSINHALA

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img